Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රේම සම්බන්ධය නතර කළාට පරණ පෙම්වතිය පැහැරගෙන ගිහින් පහරදී ආයෙත් ගෙනත් දාපු අපූරු පෙම්වතා රිමාන්ඩ්

  මහමග ගමන් කරමින් සිටි හිටපු පෙම්වතියව ත්‍රීරෝද රථයකින් පැහැර ගෙන ගොස් පහරදී නැවත පැහැරගත් ස්ථානයටම ගෙනැවිත් ඇරලූ පුද්ගලයකු මැයි 30 දක්වා ර...

 



මහමග ගමන් කරමින් සිටි හිටපු පෙම්වතියව ත්‍රීරෝද රථයකින් පැහැර ගෙන ගොස් පහරදී නැවත පැහැරගත් ස්ථානයටම ගෙනැවිත් ඇරලූ පුද්ගලයකු මැයි 30 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නිම කර තිබෙනවා. (Sri Lanka Latest News)

දිවුලපිටිය – පල්ලියපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු සමඟ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අදාළ ත්‍රීරෝද රථයේ රියැදුරු දැඩි කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහැරුණා.

ඇය වසරක පමණ කාලයක් සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව අධිකරණයේදී සඳහන් වූ අතර, සැකකාර පෙම්වතා මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවයි එය නවතා ඇත්තේ.

ඊට උරණ වූ සැකකාර පෙම්වතා මිතුරකු සමග පැමිණ මරදගහමුල – නෙල්ලිගහමුල ප්‍රදේශයේදීයි පැමිණිලිකාර තරුණියව පැහැරගෙන ගොස් වෙනත් අයෙකුව විවාහ කර නොගන්නා ලෙස බලකරමින් සහ තර්ජනය කරමින් පහරදී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ.

No comments

Ads Place