Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කළුතරින් එකක් ඉවර වෙනකොට තව එකක්! මේ පාර හිමිවරුන් තුන්නමක් සාමනේර හිමිනමක්ව අපයෝජනය කරලා!

  බාලවස්කාර සාමනේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලිංගික අතවර කළ විහාරාධිපති හිමිනමක් ඇතුළු ස්වාමින්වහන්සේලා තුන්නමක් අත්අඩංගුවට ගත් ...

 


බාලවස්කාර සාමනේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලිංගික අතවර කළ විහාරාධිපති හිමිනමක් ඇතුළු ස්වාමින්වහන්සේලා තුන්නමක් අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පයාගල ගොරකදෙනිය විහාරස්ථානයක වැඩවසන 43 සහ 17 වියැති තුන් නමක් බව පොලිසිය පැවැසීය.

අතවරයට පත් සාමනේර හිමිනමගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ සිදුකළ අතර, උන්වහන්සේලා විහාරස්ථානයෙන් පලාගොස් සිටින ලදී.

ඉකුත් මැයි 04 වැනිදා නීතිඥයකු මාර්ගයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයැදුම්පතක් යොමුකර තිබූ අතර, එය ප්‍රතික්ෂේප කර අත්අඩංගුවට ගන්නැයි අධිකරණයට පොලිසියට නියෝග කර තිබුණි.

ඒ අනුව පලාගොස් සිටී ස්වාමින්වහන්සේලා තුන්නම අද පයාගල පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

2021 වර්ෂයේ සිට විහාරාධිපති හිමි සහ අනෙන් ස්වාමින්වහන්සේලා දෙනම සිය කාමරවලදී සාමනේර හිමිනමට වරින්වර බරපතළ ලිංගික අතවර සිදුකළ බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයි පොලිසිය කීය.

අතවරයට පත් සමනේර හිමි වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර වෛද්‍ය වාර්තා ලබාගත් බවද ස`දහන් වේ.

සැකකාර හිමිවරුන් වැඩිදුර විමර්ශන සදහා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය වෙත භාරදුන් බවද පොලිසිය පැවසීය.


No comments

Ads Place