Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටගෙන කරන විහිළු කරන්න පුළුවන් බුද්ධාගම ගැන විතරද?

  බුද්ධාගම සහ බෞද්ධ සාහිත්‍ය ඉලක්ක කොට විවිධ පිරිස් විසින් විවිධාකාරයෙන් අපහාස උපහාස සිදුකරන අයුරු දැන කලක සිට නිරීක්ෂණය වේ. මීට ආසන්නතම සිද...

 


බුද්ධාගම සහ බෞද්ධ සාහිත්‍ය ඉලක්ක කොට විවිධ පිරිස් විසින් විවිධාකාරයෙන් අපහාස උපහාස සිදුකරන අයුරු දැන කලක සිට නිරීක්ෂණය වේ. මීට ආසන්නතම සිදුවීම් ද්විත්වය වන්නේ ප්‍රොපට් ජෙරම් විසින් බෞද්ධාගම හෑල්ලුවට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කිරීම සහ හාස්‍ය ප්‍රකාශනයන් සිදුකරන බව කියන නතාෂා එදිරිසූරිය විසින් සිදුහත් චරිතය හෑල්ලුවට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කිරීමයි.

එම ප්‍රකාශයන් නිකුත් කළ පුද්ගලයින් දෙදෙනාම ඉන් “සිත් රිදවීමක්” සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් “සමාව” ඉල්ලා ඇති අතර සමාජ ජාල පරිශීලකයින් පවසන්නේ මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් “සමාව” ගැනීම ඵල රහිත බවයි. එයින් ජාතීන් හා ආගම් අතර වෛරය ඇති වන බවත් පෑරෙන සිත් යළිත් සුවපත් නොවන බවත් ඔවුන්ගේ අදහසයි.

මේ අතර මෙම සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥවරයෙකු සඳහන් කරන්නේ මෙය “බෞද්ධාගම” ඉලක්ක කොට සිදුකරගෙන යන ව්‍යාපාරයක් බවයි. මේ පිටුපස විශාල මුදල් සැරිසැරීමක් සිදුවන බවත්, ඇතැම් අන්තවාදී කොටස් මෙවැනි ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ට විශාල ලෙස මුදල් ලබාදෙන බවත් ඔහු අනාවරණය කර සිටියා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට තමන් අපේක්ෂා කරන බව පැවසූ එම නීතිඥවරයා අවධාරණය කර සිටියේ දිගින් දිගටම මෙකී ප්‍රහසනකරුවන් ලෙස පෙනී සිටින බොහෝ දෙනා බෞද්ධාගම ඉලක්ක කොට පහර ගැසීම පමණක් “ප්‍රහසනය” ලෙස සිතා කටයුතු කරමින් සිටින බවයි. ඔවුන්ට කිසිඳු ප්‍රහසන හැකියාවක් නොමැති බවත්, හුදෙක් ආගමික වෛරය සමාජගත කිරීමට පමණක් කටයුතු කරමින් සිටින බවටත් ඔහු චෝදනා කර සිටියා. 

එසේම මෙම සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ බොහෝ දෙනෙකු එම ප්‍රහසනකරුවන්ට අභියෝග කර තිබුණේ හැකි නම් අනෙක් ආගම් ද අලලා මෙවැනි ප්‍රකාශ නිකුත් කරන ලෙසයි. එසේම ආගම්වලට “විහිළු කිරීමෙන්” තොරව ඔවුන්ට කිරීමට විහිළු ද නොමැති බව බොහෝ දෙනා සඳහන් කර තිබුණා.


No comments

Ads Place