Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මත්පැන් සහ බියර් මිල පහළට.!

  මත්පැන් සහ බියර් අලෙවිය 40% කින් අඩුවීම හේතුවෙන් එළඹෙන මාසයේ සිට මත්පැන් සහ බියර් මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වේ...



 මත්පැන් සහ බියර් අලෙවිය 40% කින් අඩුවීම හේතුවෙන් එළඹෙන මාසයේ සිට මත්පැන් සහ බියර් මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වේ.

මත්පැන් සහ බියර් අලෙවිය මෙම වසරේ සීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබෙන බවත් එලෙස අලෙවිය පහත වැටීමට හේතු වී ඇත්තේ මිල අධිකවීම බවද නිෂ්පාදන සමාගම්ද මුදල් අමාත්‍යාංශයට දැනුම්දී ඇත. 

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය එම නිෂ්පාදන සමාගම් අතර පැවති සාකච්ඡාවකදී සදහන් කළේ, බදු සම්බන්ධයෙන් IMF සමග සාකච්ඡා කර සුරාබද්ද අඩු කිරීමට පියවර ගන්නා බවයි.

මත්පැන් හා බියර් නිෂ්පාදනය පහත වැටී ඇති අතර දේශීයව නිෂ්පාදනය කරන ලද එතනෝල්ද ලීටර් ලක්ෂ පහළොවක් ගබඩාවල ඇති බවද ලංකා සීනි සමාගමේ සභාපති සාරද සමරකෝන් සදහන් කරයි.

තවද සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සැර 20%ක් අඩු මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කිරීමට පියවර ගත යුතු බවට යෝජනා කළ බවද සුරාබදු මාධ්‍යය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සදහන් කරයි.

No comments

Ads Place