Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුලියාපිටිය ඉස්පිරිතාලේ ප්‍රෙෂර් බලන්න යන අයගේ ප්‍රෙෂර් වැඩි වෙන සීන් එකක්! ප්‍රෙෂර් බලන්නේ ‌සෙකියුරිටි නෝනා කෙනෙක්!

  රජයේ රෝහල්වලට නියමිත දිනවල වෛද්‍ය සායන සඳහා සහභාගි වන බාහිර රෝගීන්ගේ රුධිර පීඩනය (ප්‍රෙෂර්) පරීක්‍ෂා කිරීම වගකිව යුතු රෝග විනිශ්චයක් වුවත්...

 


රජයේ රෝහල්වලට නියමිත දිනවල වෛද්‍ය සායන සඳහා සහභාගි වන බාහිර රෝගීන්ගේ රුධිර පීඩනය (ප්‍රෙෂර්) පරීක්‍ෂා කිරීම වගකිව යුතු රෝග විනිශ්චයක් වුවත් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ සායනික රෝගීන්ගේ රුධිර පීඩනය පරීක්‍ෂාවට රෝහලේ ආරක්‍ෂක සේවයේ යෙදී සිටින කාන්තාවක් යොදවා සිටින අයුරු දැකගන්නට හැකි විය.

පසුගිය 25 දින සායනික රෝග විනිශ්චය සඳහා පැමිණි කාන්තාවකගේ රුධිර පීඩන පරීක්‍ෂාව ඡායාරූපයේ දැක්වෙන සේ මෙසේ සිදුවිය.

රෝහල් ආරක්‍ෂක අංශයේ සේවයේ යෙදී සිටින ආරක්‍ෂකයන් ඔවුන්ගේ ආරක්‍ෂක සේවයට අමතරව වෛද්‍ය සේවයට යොමුවීමට රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ අවසරය ලැබී ඇත්දැයි රෝහලට පැමිණෙන ජනතාව විමසිලිමත් වේ.

රෝගියාගේ රුධිර පීඩනය මත නියමිත වෛද්‍යවරයා රෝග විනිශ්චය කර රෝගියාට ඖෂධ නිකුත් කරනු ඇත.

රෝගියාගේ රුධිර පීඩනය නිවැරදි නොවුණොත් රෝගියාට දෙවියන්ගේ පිහිට ද? වෛද්‍යවරයාගේ පිහිට ද?

No comments

Ads Place