Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුදර්මාගේ මෙහෙකාරියට පොලීසිය තුළදී හොඳටම ගහලා.. අමානුෂික ඝාතනයේ තොරතුරු හෙළිවෙයි.!

  කෝටිපති ව්‍යාපාරිකාවක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවෙසේ සිදු වූ සොරකමට සැකපිට වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් මෙහෙකාරියට පොලිසිය තුළදී පහර දී...

 



කෝටිපති ව්‍යාපාරිකාවක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවෙසේ සිදු වූ සොරකමට සැකපිට වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් මෙහෙකාරියට පොලිසිය තුළදී පහර දීමක් සිදුව ඇති බව සිදුකල විමර්ශනවලින් හෙළිව ඇත.

එලෙස අත්අඩංගුවට ගත් එම මෙහෙකාරිය පොලීසිය තුළ අබිරහස් ලෙස මිය යෑම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණයක් ආරම්භ කළේය.

පොලිසිය මඟින් එම මෙහෙකාරිය පොලීසිය තුළ ගෙන රඳවාගෙන සිටියද ඇයව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු සටහනක් නොතබා නීති විරෝධී ලෙස රඳවාගෙන සිට ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇති බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගෙන සිටියදී පොලිස් භාරයේදී මියගොස් ඇත්තේ බදුල්ල, නාවල වත්ත දෙමෝදර පදිංචිකාරියක වන ආර්. රාජ් කුමාරි නමැති 42 හැවිරිදි තිදරු මවකි. 

වැලිකඩ පොලිසියේ නිලධාරීන් එම මෙහෙකාරිය නීති විරෝධීව අත්අඩංගුවට ගෙන පහර දෙමින් ප්‍රශ්න කර ඇති අතර එහිදී තමා කිසිවක් සොරා නොගත් බව ඇය පවසන විට පොලිස් නිලධාරීන් ඇයට පහරදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

පොලීසිය සිදුකල පහරකෑම් මත ඇය සිහිසුන් තත්ත්වයකට පත්වීමෙන් පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතැයි සඳහන් කරමින් පොලිසිය විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇති බවටද තොරතුරු අණාවරණය වී ඇත.

අනතුරුව රෝහල් ගතකලද එහිදී මෙහෙකාරිය මියගොස් ඇති අතර ඇගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් විවෘත තීන්දුවක් ලබාදෙමින් ඇගේ සිරුරේ කොටස් රස පරීක්ෂකවරයාටද යොමු කර ඇත.

No comments

Ads Place