Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එකට ඉදලත් ආණ්ඩුව මාව බේරාගත්තේඒ නිසා ජනක ඉවත්කිරීමේ යෝජනාවට විරුද්ධව චන්දෙ දුන්න නෑ.. මට ගොඩක් දුකයි.!

  තමාට අසාධාරණයක් වු බවත් තමා අමාරුවේ වැටුණු වෙලාවේ ආණ්ඩුව විසින් තමාව බේරා නොගත් බවත් එනිසා ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ...

 



තමාට අසාධාරණයක් වු බවත් තමා අමාරුවේ වැටුණු වෙලාවේ ආණ්ඩුව විසින් තමාව බේරා නොගත් බවත් එනිසා ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව මන්ත්‍රී අලි සබ්රි රහීම් සදහන් කරයි.

මෙරටට නීතිවිරෝධීව රත්තරං කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන පැමිණෙන විට රේගු අත්අඩංගුවට ගත් අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා ඊට අදාල දඩය ගෙවීමෙන් පසු අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කළේ,

“ඒක මං කරපු වරදක් නෙමෙයි.මගේ ගෝලයෙක් තමයි ඒක ගෙනාවේ.හැබැයි මාධ්‍යයෙන් ගියේ මාව.මම මේ ගැන ජනාධිපති ලේකම්ට කිව්වා. අගමැතිට කිව්වා.කවුරුත් බලන්නම් කිව්වා. නමුත් මට අසාධාරණයක් වුණා.වැරැද්දක් නැතුව මම ලක්ෂ 75ක් දඩ ගෙවලා තමයි එළියට ආවේ.

ඒ නිසා මම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා. මගේ ගෝලයෙක් තමයි මේ බෑග් එක පැක් කළේ. මගේ බෑග් එකටත් ඒව දාල. එයා කරපු වැරැද්දට අන්තිමට අහු වුණේ මම. කස්ටම් එකෙන් එයත් අත්අඩංගුවට ගත්තා.

ඒත් ඔක්කොම දඩ ගෙව්වේ මමයි. මේ වගේ අසාධාරණයක් මට වෙනකොට ආණ්ඩුවත් එක්ක ඉදල මොකටද.? මෙි වගේ වෙලාවක මාව බේරුවේ නැත්නම් ආණ්ඩුවත් එක්ක ඉඳල වැඩක් නෑනේ.”

No comments

Ads Place