Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් පොහොය අදයි.!

  වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන උතුම් සම්බුදු තෙමඟුල අද වැනි වෙසක් පොහ...

 




වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන උතුම් සම්බුදු තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවී ඇත.

ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝක වාසි බෞද්ධ ජනතාව උතුම් සම්බුදු තෙමඟුල මහත් බැතියෙන් සමරයි.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදි කිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුව ඇත.

බුදුරාජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනක වේ.

සමනළ කඳු මුදුනට වැඩම කළ බුදුරාජාණන් වහන්සේ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වේ.

රට තුළ ආර්ථික අර්බුදයක් ඇතත්, තමන්ට හැකි අයුරින් වසර කිහිපයකට පසුව වෙසක් මංගල්‍ය උත්කර්ෂවත් ලෙස සැමරීමට රටේ බෞද්ධ ජනතාව සූදානමින් සිටියි.

මල්වතු අස්ගිරි පාර්ශවයන් ඇතුළු මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දාන ශිල භාවනා ඇතුළු ආගමික වතාවන් වලට මුල්තැන දෙමින් වෙසක් මංගල්‍ය සමරන ලෙසටයි.

No comments

Ads Place