Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ රෝහලේ බයිපාස් සැත්කම් පමාවෙයි

  නඩත්තුවක් නොමැතිවීම නිසා ජාතික රෝහලේ හෘද අංශයේ කැතීටර් රසායනාගාරය මසක කාලයක සිට වසා දමා ඇති බව අනාවරණය වෙයි. ගතවූ මාස දෙකක කාලය තුළදී හෘද ...

 


නඩත්තුවක් නොමැතිවීම නිසා ජාතික රෝහලේ හෘද අංශයේ කැතීටර් රසායනාගාරය මසක කාලයක සිට වසා දමා ඇති බව අනාවරණය වෙයි. ගතවූ මාස දෙකක කාලය තුළදී හෘද රෝග සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ දහසක පමණ ප්‍රමාණයක් සිදුකර ගැනීමට නොහැකි වී තිබේ.


මෙම තත්ත්වය මත බයිපාස් සැත්කම් සඳහා දිනයක් ලැබෙන්නේ වසර දෙකක පමණ කාලයක් ගතවූ පසුව බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කරයි.


මේ අතර ජාතික රෝහලේ ඉතා සරලව නවීකරණය කළ හැකි ජීවානුහරණ යන්ත්‍රය කැඩි ඇති බවත් එය වසරක පමණ කාලයක සිට අලුත්වැඩියා කර නොමැති බවද වාර්තා වෙයි.


මේ නිසා ක්ෂුද්‍රජීවීන් අතින් අල්ලා සේදිමට නියෝග දී ඇති නිසා රෝහල් කාර්යමණ්ඩලය ආරක්ෂාව නොමැතිව එම කාර්යයන් සිදුකිරීමට අපහසු බව සඳහන් කරයි.


එමෙන්ම ළමා රෝහලේ කුඩා දරුවන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය මනින යන්ත්‍රය මාස දෙකක පමණ කාලයක සිට අක්‍රීය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වා දෙයි. මහනුවර රෝහලේ පිළිකා ඒකකයේ ලීනියර් ඇක්සලේටර යන්ත්‍ර දෙකද අක්‍රීය වී තිබේ.


මේ හේතුවෙන් පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර නතර වී තිබේ. මෙම ගැටලු සම්බන්ධව සාකච්ජා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි අවධානය යොමු නොකර බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

No comments

Ads Place