Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිසුවියක් පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලින් බිමට පනී

  මහනුවර බාලිකා පාසලක අධ්‍යාපනය හදාරන 15 හැවිරිදි සිසුවියක් එම පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලින් බිමට පැන තිබේ. තුවාල ලැබූ සිසුවිය මහනුවර ජාතික ...

 



මහනුවර බාලිකා පාසලක අධ්‍යාපනය හදාරන 15 හැවිරිදි සිසුවියක් එම පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලින් බිමට පැන තිබේ.


තුවාල ලැබූ සිසුවිය මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.


මෙම සිසුවිය ඊයේ (08) පෙරවරු 11.30ට පමණ පාසලේ පිහිටා ඇති ගොඩනැගිල්ලක අඩි 15ක් පමණ උසක සිට බිමට පැන ඇති බවයි වාර්තාවේ.


එම සිසුවිය එම පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසින් ද කටයුතු කරන අතර කටුගස්තොට කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බව සඳහන්.


මෙම සිසුවියට අමතක වීමේ රෝගයක් පවතින බව සිසුවියගේ දෙමව්පියන් විසින් පොලීසිය දැනුවත් කර තිබන බව වැඩිදුරටත් වාර්තාවේ.


සිදුවීම පිළිබඳ කටුගස්තොට පොලීසිය වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.

No comments

Ads Place