Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කන්නසන්තුරේ තිස්ස මහා විහාරයේ ඉදිකිරීම් නතර කරන්නැයි දන්වමින් දෙමළ දේශපාලකයෝ විරෝධතාවක

  යාපනය, කන්කසන්තුරය තිස්ස මහා විහාරයේ බෞද්ධ ඉදිකිරීම්වලට එරෙහිව දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් කණ්ඩායම් සංවිධානය කළ විරෝධතාවයක් අතරතුර පොලිස් ...



 යාපනය, කන්කසන්තුරය තිස්ස මහා විහාරයේ බෞද්ධ ඉදිකිරීම්වලට එරෙහිව දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් කණ්ඩායම් සංවිධානය කළ විරෝධතාවයක් අතරතුර පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය පවසයි.

විරෝධතාවය අතරතුර දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු විරෝධතාකරුවන් අට්ටාලයක් සකස්කර විහාරස්ථානයට විරෝධය පළකරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමත් සමඟ ආරක්ෂක අංශ එය වැලැක්වීමට උත්සහ කිරීමේදී විරෝධතාකරුවන් අතර දැඩි නොසන්සුන්කාරී තත්වයක් හටගත් බවත් වාර්තා වේ.

විරෝධතාකරුවන් නොසන්සුන්ව හැසිරෙමින් විහාරස්ථානයට හා ආරක්ෂක අංශ වෙත විරෝධය පළකිරීමත් සමඟ පොලිසිය හා යුද හමුදාව එක්ව තිස්ස විහාරය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තරකළ අතර රාත්‍රියේ විහාරස්ථානය අවට මාර්ග වසා දැමීමට පියවර ගත් බව වාර්තා වේ.

(තොරතුරු හා ඡායාරූප – ලංකාදීප)

No comments

Ads Place