Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් රෝගීන් යලිත් වැඩිවෙද්දී, එන්නත් විදගන්නයි සෞක්‍ය අංශ ජනතාවට දන්වයි

  සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අවශ්‍ය ඕනෑම අයෙකුට කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් රෝහල්වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බවයි....

 


සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අවශ්‍ය ඕනෑම අයෙකුට කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් රෝහල්වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බවයි.

අවශ්‍ය කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගෙන නොමැති වයස අවුරුදු 18න් ඉහළ ඕනෑම අයෙකුට එය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසා තිබේ.

මේ අතර, පසුගිය දින 3 තුළ පමණක් නව රෝගීන් 19 දෙනෙකු හා මරණ 1ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (මැයි 2) සඳහන් කළේ ය.

පසුගිය 30 වන දා නව රෝගීන් 7 දෙනෙකු හමු වී එක් මරණයක් ද, පෙරේදා (මැයි 1) දිනයේ නව රෝගීන් 6 දෙනෙකු හා ඊයේ දිනයේ රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව, ඊයේ රාත්‍රිය වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හයලක්ෂ හැත්තෑ දෙදහස් එකසිය අසූ තුන්දෙනෙක් (672,183) දක්වා ඉහළ ගොස් තිබේ.

No comments

Ads Place