Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නැවතත් අරගලයක් ඕනෑ.. මහලු මිනිහෙකුට කරන්න දී බලා ඉන්න බෑ.!

  මේ රට අද වන විට පාලනයෙන් ගිලිහී අවසන් බවත් වසර ගණනාවක් තිස්සේ එක එක පාලකයන් විසින් රට පාලනය කළද රටට වූ යහපතක් නැති බවද වෘත්තිය සමිති හා බෞ...

 


මේ රට අද වන විට පාලනයෙන් ගිලිහී අවසන් බවත් වසර ගණනාවක් තිස්සේ එක එක පාලකයන් විසින් රට පාලනය කළද රටට වූ යහපතක් නැති බවද වෘත්තිය සමිති හා බෞද්ධ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් සඳහන් කරයි.

රටම බංකොලොත් වී හොම්බෙන් යන අවස්ථාවක මහලු මිනිහෙකුට ආශ්චර්යය කරන්න ඉඩදී බලා සිටිය නොහැකි බවද කැඳවුම්කරු රවි කුමුදේශ් ඒකාබද්ධ මැයි දින රැලිය අමතමින් සදහන් කරයි.

එනිසා මේ මොහොතේ නැවතත් අරගලයක් අවශ්‍ය බවත් ඡන්දයට බය නාකි මානවයෙකු රට පරිවර්තනය කරන්න නොහැකි බව දැනගත යුතු බවද කැඳවුම්කරු රවි කුමුදේශ් සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේවල් පමණක් සිදුකරන බවත් ඔහු ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයකු නොවන බවද රවි කුමුදේශ් සඳහන් කරයි.

No comments

Ads Place