Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පරාජය වුණේ මම නෙමෙයි ජනතාව.! මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා.

  රටේ මහජනතාව වෙනුවෙන් කතා කරන නිලධාරීන්ට අත්වන ඉරණම පිළිබඳව රටටම ඇත්ත දැනගැනීමට අවස්ථාවක් ලැබුණ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක...

 


රටේ මහජනතාව වෙනුවෙන් කතා කරන නිලධාරීන්ට අත්වන ඉරණම පිළිබඳව රටටම ඇත්ත දැනගැනීමට අවස්ථාවක් ලැබුණ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (24) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කරයි.

රටේ සියලුම ජනතාව වෙනුවෙන් තමන් කළ සේවය අගැයීමට පත්කරමින් තමා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළකරන බවද සභාපති ජනක රත්නායක සදහන් කරයි.

රජය විසින් අසාධාරණ ලෙස විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තමන් දිගින් දිගටම රටේ ජනතා වෙනුවෙන් සටන් කළ බවත් ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 123ක් තමා ඉවත් කිරීමට කටයුතු කළ බවද සභාපති ජනක රත්නායක සදහන් කරයි.

පෞද්ගලිකව ජනක රත්නායකට මෙය හිමි වූ පරාජයක් නොවන බවත් තමාව සභාපති ධුරයෙන් ඉවත් කිරීම ශ්‍රී ලාංකික ලක්ෂ 225ක ජනතාවට අත්වු පරාජයක් බවද සභාපති ජනක රත්නායක සදහන් කරයි.

සභාපති ජනක රත්නායක තවදුරටත් සදහන් කළේ,

“මේ පරාජය මගේ එකක් නෙමෙයි. මේක සමස්ත ජනතාවටම අත්වූ පරාජයක්. මේ ඉවත් කිරීම ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මගේ පුටුව, මේසය සේරම අරගෙන යනවා. ඒවා ඊයෙම මම ගලවගත්තා. මම හිතන්නේ මේක අනාගතයේ රජයක් ගැනීම සඳහා මූලික පියවර තැබීමක්. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා. කියලා ඉවරයි.”

No comments

Ads Place