Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?

  පෙර යොදාගත් කටයුත්තක් වෙනුවෙන් විදෙස්ගතවූ තමන් හෙට (21) යළි දිවයිනට පැමිණෙන බව, ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ...



 පෙර යොදාගත් කටයුත්තක් වෙනුවෙන් විදෙස්ගතවූ තමන් හෙට (21) යළි දිවයිනට පැමිණෙන බව, ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ. 

ආගම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමත් සමග ඔහු පිළිබඳ සමාජයේ දැඩි අවධානයක් යොමු විය.  

පොලීසිය පැවසුවේ, ඔහු දිවයිනට පැමිණීමේදී අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.

ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමිනි.

ඔහු එහිදී කළ ප්‍රකාශවලින් බුදුන් වහන්සේට මෙන්ම තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට දැඩි දෝෂාරෝපණ එල්ල වුණි.

දේවගැති ජෙරම්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම්ද ගොනුකෙරුණි.

එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 16 වනදා දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ලබාගත් අතර, මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් සිදුකිරීමට ද නියමිතය.

කෙසේවෙතත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊට දින දෙකකට පෙර සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟින් දිවයිනෙන් පිටව ගොස් තිබුණි.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ගුරුවරයා සහ අධ්‍යාත්මික ශාස්තෘවරයා ලෙස හඳුන්වන සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නමැති දේවගැතිවරයා ජාත්‍යාන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ තැනැත්තෙකු බව අල්-ජසීරා රූපවාහිනිය ගවේෂණාත්මක වාර්තාවක් ද කර තිබුණි.

තමා ශාස්තෘවරයෙකු ලෙස හඳුන්වාගන්නා ඌබට් ඒන්ජල් පසුගිය 2020 සහ 2022 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ. 

මේ වසරේ මාර්තු 19 වනදා යළි ලංකාවට එන ඌබට් කටුනායක මිරකල් ඩෝම් ශාලාවේදි ඒකාබද්ධ මෙහෙයක් පවත්වා ඇත්තේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සමගිනි.

No comments

Ads Place