Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවට අනවශ්‍ය ලෙස අත දාන්න එපා..කැනඩාව තමන්ගේ වැඩක් බලාගන්න.!

  කැනඩාවේ අගමැති ජස්ටින් ටෘෘඩෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. වසර 1...

 



කැනඩාවේ අගමැති ජස්ටින් ටෘෘඩෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

වසර 14 කට පෙර මුල්ලිවයික්කාල්හි සිදුවූ සමූල ඝාතනය පැවති ගැටුම්වලදී දහස් සංඛ්‍යාත දෙමළ ජනතාවට ජීවිත අහිමි වූ බවත් විශාල පිරිසක් අතුරුදන් වී, තුවාල ලබා හෝ අවතැන් වී ඇති බවද කැනඩාවේ අගමැති ජස්ටින් ටෘෘඩෝ සදහන් කරයි.

දෙමළ ජන සංහාරය සිදුවූ දිනය මැයි 18 බවත් එය සිහිගන්වන්නක් බවට කැනඩාවේ පාර්ලිමේන්තුව තුළ ඒකමතිකව යෝජනාවක් සම්මත කළ බවද අගමැති ජස්ටින් ටෘෘඩෝ සදහන් කරයි.

රටේ පැවති සිවිල් යුද්ධයෙන් මිය ගිය අයගේ සහ දිවිගලවාගත් තැනැත්තන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට කැනඩාව කිසිදා අත්නොහරින බවද අගමැති ජස්ටින් ටෲඩෝ සදහන් කරයි.

රටක ප්‍රමුඛ පෙළේ නායකයකු මෙවැනි වගකීම් විරහිතව පක්ෂග්‍රාහී ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවට කැනඩාව සහ ශ්‍රී ලංකාව තුළ අසමගිය සහ වෛරය ව්‍යාප්ත වන බවද එයට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

එනිසා දිගුකාලීන ද්විපාර්ශ්වික සහ සංවර්ධන හවුල්කරුවකු වන කැනඩාව සමඟ අන්‍යෝන්‍ය ගෞරවයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් සිය ජනතාවගේ සහ අනාගත පරම්පරාවේ සෞභාග්‍ය සුරක්ෂිත කිරීමෙහිලා අවධානය යොමු කර ඇති ජාතික අවශ්‍යතාවට හානි එල්ල නොවන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමට කටයුතු කරන ලෙසද විදේශ කටයුතු අමාත්‍යංශය කැනඩාවෙන් ඉල්ලා ඇත.

තවද කැනඩාව විකෘති කරුණු මත පදනම් වී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන අනවශ්‍ය අවධානය නවතා දමන ලෙසද විදේශ කටයුතු අමාත්‍යංශය කැනඩාවෙන් ඉල්ලා ඇත.

No comments

Ads Place