ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි වෙනත් පක්ෂයක නායකත්වයක් යටතේ සන්ධානගත නොවන බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (01) දින ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි වෙනත් පක්ෂයක නායකත්වයක් යටතේ සන්ධානගත නොවන බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (01) දින මැයි දින රැලිය අමතමින් සදහන් කරයි.
නිදහස් පක්ෂය නැතිව කිසිවෙකුටත් ආණ්ඩුව හදන්න බැරි බවත් මීට පස්සේ කිසි එකෙකුගේ පස්සේ යන්නේ නැති බවත් ඕන කෙනෙක් ඇවිත් අපිත් සමග සන්ධානගත වන්න පුළුවන් බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කරයි.
එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,
“මාව එල්ලුම් ගහට යවන්න මේ අයට වුවමනා වෙලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ගණනාවක් සකස් කළා. මම පැහැදිළිවම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කාටවත්ම ආණ්ඩු හදන්න බැහැ.
රතු සහෝදරවරුන්ටත් කියන්නේ ඊළඟ ආණ්ඩුව හදන්න අපේ නායකත්වය ඕනේ. ඊළඟ මැතිවරණයෙන් කිසි ජගතෙකුට දිනන්න බැහැ. මීට පස්සේ අපි කිසි එකෙකුගේ පස්සේ යන්නේ නෑ. ඕන කෙනෙක් අපිත් එක්ක සන්ධානගත වෙන්න.
අපි වගේ යෝධ පක්ෂයක් කවුරුත් නොදන්න පක්ෂයක ලකුණින් තරග කරන්න ගිවිසුම් හැදුණා. ඔබේ අපේ වාසනාවට ඡන්දය තිබ්බේ නැහැ. ඉදිරියේදී අපි තමයි නායකත්වය ගන්නේ.”
No comments