Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අත්අඩංගුවට ගැනීම සාධාරණයි සාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

  තමාට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා දොස්තර ෂාෆි ෂිහාබ්දීන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලී...

 



තමාට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා දොස්තර ෂාෆි ෂිහාබ්දීන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමෙන් පසු එම පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

තමාව රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කළ දොස්තර ෂාෆි ෂිහාබ්දීන් ඒ සඳහා වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණේය.

දොස්තර ෂාෆි ෂිහාබ්දීන් කෝටි 40 ක වත්කම් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අසමත් වී තම සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීම සාධාරණ බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා සදහන් කර ඇත.

එනිසා දොස්තර ෂාෆි ෂිහාබ්දීන් අත්අඩංගුවට ගැනීමට සාධාරණ හේතුවක් තිබූ බැවින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කිසිවක් කඩවී නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා සදහන් කර ඇත.

No comments

Ads Place