Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රොපට් ජෙරම්ගෙන් බුදුන් වහන්සේ ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

ස්වයං ප්‍රකාශිත ප්‍රොපට් ජෙරොම් ප්‍රනාන්දු පසුගිය දිනෙක දහස් ගණනක් රැස්ව සිටි අවස්ථාවක් අමතමින් බුදුන් වහන්සේ සම්බන්ධයෙන් අවමන් සහගත ප්‍රකාශ...



ස්වයං ප්‍රකාශිත ප්‍රොපට් ජෙරොම් ප්‍රනාන්දු පසුගිය දිනෙක දහස් ගණනක් රැස්ව සිටි අවස්ථාවක් අමතමින් බුදුන් වහන්සේ සම්බන්ධයෙන් අවමන් සහගත ප්‍රකාශ රැසක් සිදුකරමින් එය යූටියුබ් සමාජ ජාලය ඔස්සේ ද සජීවී ලෙස විකාශය කර තිබු බවට මේ වනවිට සමාජ මාධ්‍ය තුළ චෝදනා එල්ල වෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ කිසිදු ආගමකට අපහාස කිරීමට කිසිවකුට ඉඩක් නොතබන බවත් එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.


සති අන්තයේ, ජෙරම් බුදුරජාණන් වහන්සේට සහ බුද්ධාගමට එරෙහිව අදහස් පළ කළ අදාළ වීඩියෝව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ අතර, බෞද්ධ ජනතාව අතර කැළඹීමක් ඇති කර තිබූ බව නිරීක්ෂණය වූ අතර ස්වයං ප්‍රකාශිත ප්‍රොපට්වරයාට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.


“කිසිවකුට කිසිම ආගමකට අපහාස කිරීමට ඉඩ නොදෙන අතර එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා යැයි පැවසූ විදුර වික්‍රමනායක ඇමතිවරයා පවසා සිටියේ “ආගමික සිද්ධස්ථාන විධිමත්ව ලියාපදිංචි කිරීම සඳහා මේ රටේ ප්‍රධාන ආගම් සියල්ලේම ආයතන සමඟ සංවාදයක් ආරම්භ කරන” බවයි.


“බුදුන් වහන්සේ ආලෝකයක් සොයමින් සිටියා. ඇත්ත වශයෙන්ම බුදුන් වහන්සේ සොයන්නේ ජේසුස් වහන්සේය. සෑම බෞද්ධයෙකුටම ජේසුස් වහන්සේ අවශ්‍ය වන්නේ එබැවිනි” මේ ස්වයං ප්‍රකාශිත පොපට් ජෙරම් පළ කළ අදහස් අතර තිබූ කොටසකි. ජෙරම් කියා සිටියේ බෞද්ධයෙකුගේ මනස තුළ, ඔවුන්ගේ ඉලක්කය බුද්ධත්වය (enlightment) වන බැවින් ඔවුන්ට කිසි විටෙකත් බුද්ධ ප්‍රේමය නොඇසෙන බවයි. නමුත් බුද්ධත්වයට පත් වීමට ඔබට ආලෝකය අවශ්‍ය වේ. බුද්ධ යන නාමයේ තේරුම ප්‍රබුද්ධ තැනැත්තා යන්නයි. එසේනම් වඩා උතුම්, ආලෝකය හෝ ඥානාලෝකය යනු කුමක්ද? ජේසුස් වහන්සේ කිව්වා මම ලෝකයේ ආලෝකය කියලා. ඉතින් මම දැන් ඔබට කියමි, ජේසුස් වහන්සේ මම ප්‍රබුද්ධයා යැයි කීවේ නැත.” – ස්වයං ප්‍රකාශිත ප්‍රොපට් ජෙරම්

No comments

Ads Place