Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම ඒ කෙල්ල එනකොට ගුලි දෙකක් කාලා මත්වෙලයි හිටියේ! කුඩු ගහන්න සල්ලි ඉල්ලුවාම මට බැන්නා! මම ගැහුවාම මටත් ගැහුවා! පස්සේ මම බෙල්ල මිරිකුවා!

  සේවා ස්ථානය බලා යමින් සිටි වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 22 හැවිරිදි තරුණිය ඝාතනය කළ සැකකාර තරුණයා වට්ස්ඇප් පණිවිඩයක් මගින් ...

 



සේවා ස්ථානය බලා යමින් සිටි වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 22 හැවිරිදි තරුණිය ඝාතනය කළ සැකකාර තරුණයා වට්ස්ඇප් පණිවිඩයක් මගින් තමන් කළ මිනීමැරුම පිළිබඳ පාපොච්චාරණය හිතවතුන්ට යවා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

සැකකාර 24 හැවිරිදි තරුණයා ප්‍රදේශයේ ගවයන් හා එළුවන් බලාගැනීම රැකියාව වශයෙන් සිදුකරමින් සිටි අයෙක්.

ඔහු කළ පාපොච්චාරණයේ මෙලෙස සඳහන්.

මගේ නම අහමඩ්. මට වයස අවුරුදු 24යි. මම පාසල් යන කාලයේ හොඳින් ඉගෙන ගත්තත් නොයෙක් ප්‍රශ්න නිසා ඉහළට ඉගෙන ගන්න බැරිවුණා. ඉන් පසුව තමයි මම නරක මිතුරු ඇසුරට වැටුණේ. මේ මිතුරු ආශ්‍රයෙන් මම ගංජා මත් ගුලි ඇතුළු මත් ද්‍රව්‍යවලට ඉතාමත් බරපතළ ආකාරයෙන් ඇබ්බැහි වුණා. මට දිනපතා මත්ද්‍රව්‍ය භාවිතා නොකර ඉන්න බැරි තත්ත්වයට පත් වුණා. අපේ ගමේම මත්ද්‍රව්‍ය විකුණන අය ඉන්නවා. ඒ අයගෙන් තමයි මම මේවා ගන්නේ. මත්ද්‍රව්‍ය භාවිතයේ අවසානය තමයි මම මිනීමරුවෙක් වුණු එක. මේ සිද්ධිය වුණ දවසේ උදේම මම මත් ගුලි දෙකක් කාලා තණකොළ කපන්න තමයි පාර දිගේ ආවේ. මම මත් ගතියෙන් මෙහෙම ටික දුරක් යනකොට තමයි ඔය කෙල්ල දැක්කේ. මම මීට කලින් එයා දැකලා තියෙනවා. මේ කෙල්ල දැක්කම මට හිතුනා දවල්ට මත්ද්‍රව්‍ය ගන්න මේ කෙල්ලගෙන් සල්ලි ඉල්ල ගන්න ඕනේ කියලා. එහෙම ගිහින් පාරේ පාළු තැනක් වන සොහොන් පිට්ටනිය ළඟදි මම ඒ ගෑණු ළමයගෙන් සල්ලි ඉල්ලුවා. එතකොට ඒ කෙල්ල මට බැන්නා. අපි අතරේ බහින් බස්වීමක් වුණා. එතකොට එයා මට ගහන්න අත ඉස්සුවා. මමත් ඒ කෙල්ලට ගැහුවා. එතකොට ඒ කෙල්ල හයියෙන් කෑ ගැහුවා. මම එයාගේ කට තද කරලා වැහුවා. එතකොට එයා මගේ මුහුණ ඇඟ පහුරු ගෑවා. එතකොට තමයි මම එයාගේ බෙල්ල මිරිකුවේ.

ඊට පස්සේ කෙල්ලගේ බෙල්ල කඩාගෙන වැටුණා. මම බයවෙලා ඒ කෙල්ල ටිකක් ඈතට ඇදගෙන ගිහින් පොඩි වළක් කපල වළ දැම්මා. ඊට උඩින් තණ කොළ රොඩු දාලා වැහුවා. මත්ද්‍රව්‍යවලට අධික ලෙස ඇබ්බැහි වෙලා මගේ ඔලුව විකාර වෙලා තිබුණේ. වෙන දෙයක් ගැන හිතුණේ නෑ. මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් හොයාගැනීම විතරයි ඔළුවේ තියෙන්නේ. මම දැන් මිනීමරුවෙක්. මේ ඝාතනයෙන් පස්සේ මගේ ජීවිතයත් විනාස වුණා. මට ආයෙ ලෝකෙට මුහුණ දෙන්න බෑ. මට දැන් නිදහසක් නෑ කියලා මම දන්නවා. මම පොලිසියට භාර වෙන්න තීරණය කළා. මම අවසානයට හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා. කිසි කෙනෙක් විහිළුවටවත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා. එහෙම කරොත් තමන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි අනුන්ගේ ජීවිතත් විනාශ වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය නිසා තමයි මට මේ විනාශ සිදුවුණේ. අර ගැහැනු ළමයාගේ ජීවිතෙත් නැති වුණේ.

සතියකට ආසන්න කාලයක සිට අතුරුදන්ව සිටි තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ගොඩගනු ලැබුවේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදීයි. එලෙස ගොඩගත් සිරුර ඇයගේ ඥාතීන් විසින් හඳුනා ගනු ලැබූ බවයි වාර්තා වුණේ.

සැකකරු ලබාදුන් තොරතුරුවලට අනුව තරුණිය වළදමා ඇති ස්ථානය හඳුනාගෙන ඇයගේ දේහය ගොඩගැනීමට කටයුතු කරනු ලැබුණා.

No comments

Ads Place