Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බිරිදගේ රක්ෂණ වන්දිය ගන්න සැමියා බිරිද ඝාතනය කරයි.!

  ලක්ෂ 20ක මුදල් කොන්ත්‍රාත්තුවක් මිතුරකුට ලබාදීමට පොරොන්දු වී මිතුරා ලවා බිරිඳ කැබ් රථයකට යටකර ඝාතනය කිරීමට සැලැස්වූ එම කාන්තාවගේ සැමියා පි...



 ලක්ෂ 20ක මුදල් කොන්ත්‍රාත්තුවක් මිතුරකුට ලබාදීමට පොරොන්දු වී මිතුරා ලවා බිරිඳ කැබ් රථයකට යටකර ඝාතනය කිරීමට සැලැස්වූ එම කාන්තාවගේ සැමියා පිටිගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ඝාතනය කර ඇත්තේ තල් ගස් වල, වත්තහේන, දියකිතුල්කන් ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් හැවිරිදි වන්නිආරච්චිලාගේ නිරෝෂා උදයාංගනී නැමැති ඇඟලුම් කම්හල් සේවිකාවකි.

ඇය විසින් ලක්ෂ පනහකට ජීවිත රක්ෂණ හතරක් ලබාගෙන තිබූ අතර එම රක්ෂණ වන්දිය ලබාගැනීමට සැමියා මෙවැන්නක් සිදු කර ඇති බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

මෙම කාන්තාව හිතාමතාම කැබ් රථයට යට කර ඝාතනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුගේ හොඳම මිතුරා අත්අඩංගුවට ගැනීමට පිටිගල පොලිසිය පුළුල් පරික්ෂණ අරඹයි.

No comments

Ads Place