Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම කොහොමත් නානවා බේරේ - මහින්ද කහදගම

  අරගලේ දී පහර කෑමට ලක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම අද (09) බේරේ වැව ආසන්නයේ සිට මාධ...


 අරගලේ දී පහර කෑමට ලක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම අද (09) බේරේ වැව ආසන්නයේ සිට මාධ්‍යට අදහස් දැක්විය.


ඔහු කියා සිටියේ අරගලේට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති උත්සව නැරඹීමට පැමිණි බවය.


එහිදී මේ පිළිබඳ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම තම අදහස් පළ කළා.


''එච්චර අරගලයක් කරපු අයට බැරි වුණා මෙතනට ඇවිත් සැමරුමක්වත් කරන්න. ඒකත් කරන්න වෙලා තියෙන්නේ මට. හැබැයි මං ආවේ සැමරුම බලන්න. අරගලය ජයග්‍රහණය කරපු අය අද නෑනේ එයාලා ඉන්නේ පොළොව යට. ජයග්‍රහණය කරපු අය තමා පොළොව උඩ ඉන්නේ. අපි තමා ජයග්‍රහණය කරලා තියෙන්නේ. මේක මට පුරුදුයි. අලුතින් නාන්න දෙයක් නෑ. මේක මගෙ ගම. මම කොහොමත් නානවා බේරේ. අලුතින් නාන්න දෙයක් නෑ. අරගලයට මං ස්තූතිවන්ත වෙනවා මාව දේශපාලන නායකයෙක් කලාට. මාව හොස්පිටල් ගිහිං දාන්න අයියෝ කියන්නේ මගේ දේශපාලන සටන් පාඨය. මං එහෙම කියලා එතන කළේ රඟපෑමක්. ඒ රංගනේ ආවේ නැත්තම් මට අද මෙතන ඉන්න බෑ. රංගනයක් තිබුනේ එතන." ඉන්න බෑ අද.''

No comments

Ads Place