Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් යළි හිස ඔසවන ලකුණු! – දින දෙකක් තුළ මරණ දෙකක්

  කොරෝනා රෝගය උත්සන්න වීමෙන් දින දෙකක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය සඳහන් කරයි...

 


කොරෝනා රෝගය උත්සන්න වීමෙන් දින දෙකක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් තිබුණේ මාතර හමන්දුව පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක හා යටියන්තොට පනා වත්ත පදිංචි වී සිටී 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

කොව්ඩ් වසංගතය සමාජය පුරා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පැන නැගී ඇති බවත්, විශේෂයෙන් මුඛ ආවරණ පැළඳ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වඩා යෝග්‍ය බව විවිධ පාර්ශ්ව පෙන්වා දී ඇති අතර, අයි ඩි එච් රෝහලේ මේ වන විට කොවිඩ් රෝගය වැළඳුණු රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

No comments

Ads Place