Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෂාෆ්ටර් අද උදේ 8.30ට ගොඩගයි! පවුලේ ඥාතීන් කළ ඉල්ලීම් ‌2ක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

  ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මළ සිරුර ගොඩගන්නා අවස්ථාව රහසිගතව සිදු කරන ලෙසට මරණකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති න...

 


ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මළ සිරුර ගොඩගන්නා අවස්ථාව රහසිගතව සිදු කරන ලෙසට මරණකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය දේහය හඳුනා ගැනීම සඳහා පවුලේ අයට අද බොරැල්ල පොදු සුසාන භූමියේ පෙනීසිටින ලෙසට නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරියගේ අධීක්ෂණය යටතේ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව හමුවේ අද දින පෙරවරු 8:30ට ෂාෆ්ටර් මහතාගේ මළ සිරුර ගොඩ ගැනීමට නියමිත බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (24) දැනුම් දුන්නේය.

පවුලේ ඥාතීන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මළ සිරුර ගොඩගන්නා අවස්ථාව බාහිර පාර්ශ්වයන්ට විවෘත නොකර රහසිගතව සිදු කරන ලෙසත් සිය පවුලේ වෝහාරික වෛද්‍යවරයා එම ස්ථානයට කැඳවීමට ද අවස්ථාව ලබාදෙන ලෙසට අධිකරණය ඉල්ලා සිටියේය.

කිසිම පාර්ශ්වයකගේ සහායක් නැතිව ස්වාධීන කමිටුවක් පත් කර සිරුර ගොඩ ගැනීමට තීරණය කර ඇති මෙවැනි අවස්ථාවක ඊට බාධා වන පරිදි කිසිදු නියෝගයක් නිකුත් නොකරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය කමිටුවේ වෛද්‍යවරු හැර සෙසු අය එම ස්ථානයට කැඳවීම මඟින් ප්‍රශ්න ඇතිවිය හැකි බව පෙන්වා දුන්නාය.

තවද රහසිගතව සිරුර ගොඩ ගැනීමෙන් පසුවට වෙනත් සිරුරක් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වූ බවට චෝදනා එල්ල විය හැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළාය.

මීට අමතරව ෂාෆ්ටර් මහතාගේ දුරකතනවල අඩංගු දත්ත සුරක්ෂිතව ගබඩා කර තබා ගන්නා ලෙස පුද්ගලික දුරකතන ආයතන කළමනාකරුවන් වෙත අධිකරණය නියෝග නිකුත් කළාය.

මෙහිදී රජයේ රස පරීක්ෂකවරයා විසින් තමන් වෙත ලබාදී ඇති ජංගම දුරකතන තුනක සිම්පත් නැති බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය කරන ලද ප්‍රශ්න කිරීමකදී ජනාධිපති නීතිඥවරයා පවසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෂාෆ්ටර් මහතාගේ නිවෙසේ තිබූ භාවිත නොකරන ලද ජංගම දුරකතන පවා පොලිසිය වෙත රැගෙන ගිය බවය.

මීට අමතරව බ්‍රයන් තෝමස් ඇතුළු සෙසු අයගේ ලේ සාම්පල රස පරීක්ෂකවරයා වෙත යොමු කළ සංදේශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කළේය.

අද දින ගොඩ ගන්නා සිරුර, දින දෙකක් ඇතුළතදී ගාල්ල කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේදී දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට ද අධිකරණය පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවට නියෝග නිකුත් කර ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 375 වගන්තියේ පැවරී ඇති බලතල අනුව 2022/12/15 වන දින මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව තීරණය කර ගැනීම සඳහා මෙම පංච පුද්ගල වෛද්‍ය කමිටුව පත් කර තිබිණි.


-mawratanews-

No comments

Ads Place