Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් කෙළවරවූ, ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

  ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01)ට යෙදී තිබේ. සකල ලෝකවාසී වැඩ කරන ජනයා විසින් මෙවර සමරනු ලබන්නේ 137 වන මැයි දිනයයි.  පැය 8ක ව...

 


ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01)ට යෙදී තිබේ.


සකල ලෝකවාසී වැඩ කරන ජනයා විසින් මෙවර සමරනු ලබන්නේ 137 වන මැයි දිනයයි. 


පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින්, 1886 අද වැනි දිනක අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ අසාධාරණයට එරෙහිව නැගී සිටි කම්කරු පිරිසකගේ විරෝධතාවක් හේතුවෙනි. පසුව එම දිනය ලොව පුරා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අවධාරණය කරන සුවිශේෂී දිනය බවට පරිවර්තනය විය. 


ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රජාව ලෝකවාසී කම්කරුවන් සමග එක්සත්ව පෙළ ගැසුණේ, එලෙස තම අයිතීන් දිනාගැනීමේ අඛණ්ඩ අරගලයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. 


ඒ අනුව, ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේ දී ය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය.


එසේම ප‍්‍රථම වරට මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් වූයේ බණ්ඩාරනායකගේ ආණ්ඩුවෙනි. ඒ වන විට කම්කරු ඇමතිවරයා ලෙස කටයුතු කළේ ටී. බී. ඉලංගරත්න ය. අනතුරුව 1956 දී මැයි 01 දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කරන ලදී.


මෙවර මැයි දිනය වෙනුවෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ඇතුලු විවිධ සංවිධාන කොළඹ හා මහනුවර කේන්ද්‍ර කරගනිමින් පෙළපාලි හා ජනරැළි සංවිධානය කර තිබේ.


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කම්කරු දින රැළිය අද පස්වරු දෙකට පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු නායකයන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතයි.


එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින රැළිය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද පෙරවරු නවයට පැවැත්වෙන බව පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.


සමගි ජන බලවේගයේ කම්කරු දින රැළිය පස්වරු 1.00ට මාළිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වීමට නියමිතයි.


ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන කම්කරු දින රැළිය අද පස්වරු 4.00ට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසළදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.


එහි පෙළපාලිය විශේෂංශ රැසක් සමග කොළඹ බීආර්සී පිටියෙන් පස්වරු දෙකට ආරම්භ කෙරෙන බව පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කළේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු දින රැළිය අද පස්වරු දෙකට මහනුවර පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වෙන බව එහි ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ පැවසීය.

No comments

Ads Place