Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා 7ක් වසා දමයි! සේවකයන් ඉවත් කරන්න ලෑස්තියි!

  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ඇති සියළු ප්‍රාදේශීය සහ ප්‍රජා ගුවන් විදුලි සේවාවන් හි මෙහෙයුම් කටයුතු මැයි මස 31න් පසු අවසන් කිරීමට ...


 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ඇති සියළු ප්‍රාදේශීය සහ ප්‍රජා ගුවන් විදුලි සේවාවන් හි මෙහෙයුම් කටයුතු මැයි මස 31න් පසු අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. 

එම සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ බව සියළු නාලිකා වෙත ඊයේ (23) ලිඛිතව දැනුම් දී ඇති බවයි. පවතින මුල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස මෙන්ම ගුවන් විදුලි සංස්ථාවේ වියදම් තවදුරටත් පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.

මෙලෙස මෙහෙයුම් කටයුතු නවතා දැමීමට සුදානම්ව ඇති ගුවන් විදුලි නාලිකා වන්නේ,

1.රජරට සේවය (කරගහතැන්න 107.3 MHz/90.1 MHz අනුරාධපුර )

2.රුහුණු සේවය (දෙනියාය 107.3 MHz/හපුතලේ 107.5 MHz)

3.කඳුරට සේවය (හන්තාන 90.1 MHz/හුන්නස්ගිරිය 107.5 MHz/රදැල්ල 107.5 MHz/හපුතලේ 107.3 MHz)

4.Yaal FM (90.1/102.1 MHz යාපනය )

5.Pirai FM (102.1 MHz හපුතලේ)

6.වයඹ රේඩියෝ (90.1 MHz යටියන්තොට)

7.දඹාන රේඩියෝ (95.4 MHz දඹාන)

මෙම තීරණය සම්බන්ධව රජරට සේවය සහ කඳුරට සේවයේ සිය විරෝධය පළකර තිබෙනවා. අදාල නාලීකා වසා දැමිමෙන් පසු නිත්‍ය සේවකයන් කොළඹට කැදවීමටත් කැමැත්ත මත වන්දි ලබාගෙන ඉවත්වීමටත් ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද වාර්තා වනවා.

No comments

Ads Place