Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆේස්බුක් එකෙන් සෙට්වෙලා පෝරුව පෙන්වා නිළියකගෙන් ලක්ෂ 65ක් කඩපු අවුරුදු 27ක කොල්ලා!

  ෆේස්බුක් ගිණුමක් ඔස්සේ රංගන ශිල්පිනියක් සමඟ හිතවත් වී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබා දී එම රංගන ශිල්පිනියගෙන් වරින්වර රුපියල් ලක්ෂ 65...



 ෆේස්බුක් ගිණුමක් ඔස්සේ රංගන ශිල්පිනියක් සමඟ හිතවත් වී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබා දී එම රංගන ශිල්පිනියගෙන් වරින්වර රුපියල් ලක්ෂ 65ක මුදලක් ලබාගෙන වංචා කළ සැකකරුවකු එළඹෙන 29 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය. රිමාන්ඩ් භාරයට පත් සැකකරු කොළඹ සහ ගම්පහ අධිකරණවල සේවය කරන කණිෂ්ඨ නීතිඥවරියන් දෙදෙනකුව ද විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් අනු නව ලක්ෂයක් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවකු බව අධිකරණයේ දී පළමුව සඳහන් විය.

සැකකරු මහර බන්ධනාගාරය මඟින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බී.එල්. ලසන්ත ලියනගේ නමැති 27 හැවිරිදි සැකකරු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි .

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ නඩුවේ පැමිණිලිකාරිය මිනුවන්ගොඩ, පත්තඬුවන ප්‍රදේශයේ පදිංචි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දැනට රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන 23 හැවිරිදි තරුණියකි.

සමාජ සුබසාධන ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරන බව පවසා සැකකරු ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නළු නිළියන් එක්ව සිටින ඡායාරූප ඇතුළත් ෆේස්බුක් ගිණුමක් විවෘත කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය.

ෆේස්බුක් ගිණුමෙන් හිතවත් වී කොළඹ අධිකරණයක සේවය කරන ආධුනික නීතිඥවරියක්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 55ක මුදලක්ද ගම්පහ අධිකරණයේ ආධුනික නීතිඥවරියකද රවටා විවාහ කරගන්නා බවට පොරොන්දු ලබා දී රුපියල් ලක්ෂ 49ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන්ද සැකකරුව එම අධිකරණ මඟින් රිමාන්ඩ් භාරයට පත් කර ඇති බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී සඳහන් විය 


-mawratanews-

No comments

Ads Place