Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක ණය මුදලක්.!

  ඩොලර් මිලියන 350ක ණය මුදලක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ලබාදීම අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගත් බව ආසියානු සංවර්ධන බ...

 


ඩොලර් මිලියන 350ක ණය මුදලක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ලබාදීම අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගත් බව ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සදහන් කරයි.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය ගැන සැලකිලිමත් වන බවද ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සදහන් කරයි.

තවද මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ශ්‍රී ලංකාවට සපයන ලද විස්තීර්ණ ණය පහසුකම හා සම්බන්ධ බවද ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා ලබාදී ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

No comments

Ads Place