Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

3% කින් විදුලි බිල අඩුකරන්න යයි..

  යළිත් විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී ඇත. ඒ අනුව විදුලි ගාස්ත...

 


යළිත් විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී ඇත.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය එළඹෙන ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිත අතර එම යෝජනාවට අනුව 03%කින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇති බවද වාර්තා වේ.

ඉන්ධන, ගල්අඟුරු, අනෙකුත් ද්‍රව්‍ය වල මිල ගණන් සහ වසරේ විදුලි ජනන සැලසුම යන අවශ්‍යතාව සැලකිල්ලට ගෙන එම යෝජනාව සකස් කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සියයට 20%කින් පමණ අඩු කිරීමට හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගියදා සදහන් කළේය.

No comments

Ads Place