Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදු සහනය කැපීමෙන් සීනි ‌25කින් නගී! දැන් කිලෝව 250යි! පිටි 10කින් නගී! දැන් කිලෝව 210යි!

  සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.  එහි සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ...

 


සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 

එහි සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති බවයි.

මීට පෙර සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225 ක් වූ අතර එහි නව මිල රුපියල් 250 කි.

ඉන්දියාව සීනි අපනයනය සීමා කිරීම, එලෙස මිල ගණන් ඉහළ දැමීමට හේතුවී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මේ අතර, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ. 

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනායනකරුවන්ගේ සංගමය පැවසුවේ, ඒ අනුව තිරිගු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 210 ක් දක්වා ඉහළ යන බවයි.

තිරිගුපිටි සඳහා පනවා තිබූ රුපියල් 03 ක බදු සහනය ඉවත් කිරීම, ඊට හේතුවී තිබේ.

No comments

Ads Place