ගම්පොළ, වැලිගල්ල, ඇල්පිටිය ප්‍රදේශයේදී පසුගිය 7 දා අතුරුදන් වූ පාතිමා මුනවුවරා නැමැති 22 හැවිරිදි තරුණිය ඝාතනය කර වළ දමා තිබියදී සොයා ගත් ...
ගම්පොළ, වැලිගල්ල, ඇල්පිටිය ප්‍රදේශයේදී පසුගිය 7 දා අතුරුදන් වූ පාතිමා මුනවුවරා නැමැති 22 හැවිරිදි තරුණිය ඝාතනය කර වළ දමා තිබියදී සොයා ගත් බව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය පවසයි.
සිය සේවා ස්ථානය වන ගෙලිඔය ඖෂධ හල වෙත යෑම සඳහා ඇය පසුගිය ඉරිදා (7) උදෑසන නිවෙසින් පිටත්ව ඇති අතර, ඊට මීටර 100ක් පමණ දුරින් පිහිටි ඇල්පිටිය පල්ලියේ සීසීටීවී කැමරාවල ඇය සටහන්ව ඇතත් ඉන් පසු ඇය ගැන හෝඩුවාවක් නොතිබූ බව ඥාතීහු ප්‍රකාශ කර තිබිණි. පාතිමා පිළිබඳ එදින සිට සොයා බැලුවද කිසිදු තොරතුරක් නොලද නිසා ඊයේ (12) දින උදෑසන ඇයගේ ජංගම දුරකතනයේ දත්ත ලබාගැනීම සඳහා ගම්පොළ පොලිසිය හා ඇයගේ සොහොයුරකු එම දුරකතන සමාගම පිහිටි කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් තිබුණේ උසාවි නියෝගයක්ද සමඟිනි.
මේ අතර එම ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු පිළිබඳ ලද තොරතුරු අනුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ ඝාතනයේ සියලු තොරතුරු ඔහුගෙන් හෙළි වී ඇත.
සිද්ධියට සැකපිට කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබු අතර ප්‍රදේශයේ එළුවන් බලාගන්නා අයෙකු අත්අඩංගුවට ගැනෙන්නේ ඒ අනුවය.
ෆාතිමා සේවා ස්ථානයට යෑම සඳහා නිවෙසේ සිට කිලෝමීටර් 2ක් පමණ පා ගමනින් වැලිගල්ල දක්වා යා යුතු ඇත. එම මාර්ගයේ බොහෝ ස්ථාන පාළු ස්වභාවයක් ගන්නා අතර, පළමු සීසීටීවී කැමරාවෙන් පසු එවැනි පාළු ස්ථානයකදී මේ තරුණයා ඇය ඉදිරියේ පෙනී සිට අතින් අල්ලා පොල්වත්තක කැලෑබද ප්‍රදේශයට ඇය කැඳවා ගැනීමට උත්සාහ දරා ඇත. එහෙත් ඇය එයට විරුද්ධත්වය පළ කොට ඒ බව පියාට පවසන බව කීවත්, මොහු එම තරුණිය ඇදගෙන ගොස් දූෂණය කිරීමට උත්සාහ ගෙල මිරිකා ඇය මරා දැමූ බව පවසයි. අනතුරුව ඇයගේ සිරුර පොල්වත්තේ කැලෑ රොදක් ළඟ වළ දමා, එයට උඩින් පොල් අතු ආදිය දමා තිබේ. ඇය පැලඳ සිටි සෙරෙප්පු හා වතුර බෝතලය කැලෑවට විසි කළ ඔහු ගමට ගොස් දින 6කට පසු ඊයේ (12) සවස මේ සියලු තොරතුරු හෙළි කළේය.
ඒ අනුව ගම්පොළ වැඩබලන කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ, ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාරසිරි, ස්ථානීය පරීක්ෂණය අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න යන නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් එහි ගොස් සියලු ආරක්ෂාවන් යොදවනු ලැබීය. මේ ආරංචියත් සමඟ විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ තිබූ අතර සැකකරු එම ස්ථානයෙන් ගෙන යන ලදි.
සිද්ධිය ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත හා මහනුවර අධිකරණ වෛද්‍යවරයා වෙත වාර්තා කළ අතර, ඒ අනුව අද (13) ෆාතීමා වළ දමා ඇති ස්ථානය පරීක්ෂා කිරීමට නියමිතය.
No comments