Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කළුතර සිසුවිය 20,000කට විකුණා ඇති බවට පොලිසියට සැකයක්!

  කළුතර ලැගුම්හලක ඉහළ මහලකින් වැටී මියගිය බව කියන 16 හැවිරිදි සිසුවියව, සිද්ධියේ ප්‍රධාන සැකකරුවාට මුදලට අලෙවිකර ඇති බවට පොලීසිය සැක පළ කරයි...

 


කළුතර ලැගුම්හලක ඉහළ මහලකින් වැටී මියගිය බව කියන 16 හැවිරිදි සිසුවියව, සිද්ධියේ ප්‍රධාන සැකකරුවාට මුදලට අලෙවිකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

පොලීසිය සැක පළ කරන්නේ, මියගිය සිසුවියව සිද්ධියේ ප්‍රධාන සැකකරුට රුපියල් 20,000 ක මුදලකට අලෙවි කිරීමට සිසුවිය සමග ලැගුම්හලට ගිය තරුණියගේ පෙම්වතා යෝජනා කර ඇති බවටය.

ඒ අනුව ප්‍රධාන සැකකරු එම මුදලින් කොටසක් ඔහු වෙත ලබාදී ඇති බවට සැකසහිත බවත් ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.

මේ අතර රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි ප්‍රධාන සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට අද (12) ඉදිරිපත් කෙරුණි.

එහිදී විත්තියේ නීතීඥවරයා අධිකරණය හමුවේ කියාසිටියේ, සිසුවියගේ මරණය දිවි නසාගැනීමක්ද ? ඝාතනයක්ද ? යන්න මෙතෙක් නිගමනය වී නොමැති බවය.

මියගිය දැරියට අවසන් වරට දුරකථන ඇමතුමක් ලබාදුන්නේ කවුරුන්ද යන්න සොයාගැනීමට ද පොලීසිය මෙතෙක් අපොහොසත්වී ඇති බව ඔහු සඳහන් කරයි.

සැකකරු හෘද රෝගියෙක් බවත් බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසත් විත්තියේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර දැරියගේ පාදයක සහ පියයුරක දත් පහරවල් නිරීක්ෂණය වන බවත්, එය සැකකරුගේ දත් පහරවල්ද  යන්න පරීක්ෂා කිරීම සඳහා සැකකරු වෝහාරික වෛද්‍යවරයෙකු වෙත පැමිණවීමට අවසර ලබාදෙන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව ලබන මැයි 16 වනදා සැකකරු වෝහාරික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

අනතුරුව සැකකරු ලබන මැයි 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, මිනීමැරුම් විමර්ශන අංශය මේ වන විට පරීක්ෂණ සිදුකරමින් සිටී.

එම නිලධාරීන් මියගිය දැරියගේ හා ඇය සමග ලැගුම්හලට ගිය 19 හැවිරිදි දැරියගේ පවුලේ සාමාජිකයන්ගෙන් ඊයේ (11) ප්‍රකාශ ලබාගෙන තිබුණි.

එමෙන්ම ප්‍රධාන සැකකරුගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා විය.

No comments

Ads Place