Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා රැල්ලක් එන්නයි යන්නේ! ගිය දවස් 20ට 16ක් මැරිලා! මාස 5ට රෝගීන් ලක්ෂ 6 පැනලා!

  කොවිඩ් වසංගතය යළිත් හිස ඔසවමින් ඇති අතර, ඉකුත් දින 20ක පමණ කාලය තුළ කොවිඩ් රෝගීන් 16 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද...

 


කොවිඩ් වසංගතය යළිත් හිස ඔසවමින් ඇති අතර, ඉකුත් දින 20ක පමණ කාලය තුළ කොවිඩ් රෝගීන් 16 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අප්‍රේල් මස 27 වැනි දින කොවිඩ් මරණයක්, එම මස 23 වැනි දින මරණයක්, මැයි මස 01 වැනි දින එක් මරණයක් සහ මැයි මස 5 වැනි දින තවත් කොවිඩ් මරණ තුනක් ආදී වශයෙන් වාර්තා වී ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ අතර ඉකුත් 8 වැනි දින සහ 9 වැනි දින මරණ එක බැගින් ද, ඉකුත් 11 වැනි දින තවත් මරණ දෙකක් ද වාර්තා වූ අතර, 12 වැනි දින මරණ දෙකක් සහ 14 වැනි දින තවත් මරණයක් ආදී වශයෙන් වාර්තා වූ බව ද වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ අතර මේ වසරේ ගෙවී ගිය කාලය තුළ මෙරටින් කොවිඩ් රෝගීන් 672,304 දෙනකු හමුවූ බව ද වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තා සඳහන් කරයි. -ලංකාදීප

No comments

Ads Place