Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කළුතරින් තවත් කතාවක් එළියට එයි! ඒ පාර ගණිතය උගන්වන සර් කෙනෙක් සිසුවියන් 16 දෙනෙක් අපයෝජනය කරලා!

  සිසුවියන් 16 දෙනෙකු පමණ අපයෝජනය සහ ලිංගික හිරිහැරයට පත් කළ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු පිළිබඳ පුවතක් කළුතරින් වාර්තා වෙයි.  ගණිතය විෂ...

 


සිසුවියන් 16 දෙනෙකු පමණ අපයෝජනය සහ ලිංගික හිරිහැරයට පත් කළ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු පිළිබඳ පුවතක් කළුතරින් වාර්තා වෙයි. 

ගණිතය විෂය උගන්වන අදාළ ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව සැකකාර ගුරුවරයා සොයා කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වැඩිදුරටත් හෙළිවී ඇත්තේ පන්ති කාමරය තුළදී අදාළ සිසුවියන්ට ලිංගික හිරිහැර සහ අපයෝජන සිදුකර ඇති බවත් දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් ඔහුගේ මෝටර් රථයෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයකට රැගෙනගොස් මෝටර් රථය තුළදී ද ලිංගික හිරිහැර කර ඇති බවය.

ඒ, අතරතුර ඔහු සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් හෙළිවී ඇත්තේ, දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වීමට කටයුතු කර ඇති ඔහු දෙමව්පියන් නොමැති අවස්ථාවලදී දැරියන් ට ඇදුම් ඉවත් කරන ලෙසට උපදෙස් දී එම දර්ශන ද පටිගත කර ඇති බවටය.

සිද්ධිය සම්බන්ධයෙන් පළමුව තොරතුරු හෙළිවී ඇත්තේ අදාළ සැකකරුගේ බිරිඳටය.

සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් පරිගණකයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට ඒවා හසුවී තිබේ.

පසුව ඇය විසින් අදාළ දැරියන්ගේ දෙමව්පියන් වෙත ඒ බව දන්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ ඉන් අනතුරුවය.

අපයෝජනයට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස්  ස්ථානයක නිලධාරියෙකුගේ දියණියක් ද සිටින බව වාර්තා වෙයි.

No comments

Ads Place