Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩා වැටීමක්! පිට පිට පහළ බැස්ස 11 වැනි දවස!

  2023 මැයි මාසයේ පළමු ගනුදෙනු දිනය වූ ඊයේ (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය. ගනුදෙනු සැසිය අවසාන...

 


2023 මැයි මාසයේ පළමු ගනුදෙනු දිනය වූ ඊයේ (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය.

ගනුදෙනු සැසිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 271.75 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 103.42 කින් පහළ ගොස් තිබුණි. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී පිළිවෙලින් 3.03% ක හා 3.95% ක පහළ යාමකි.

මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,711.46 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,514.37 ක් ලෙසින් සටහන්ව තිබුණි.

සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූ අඛණ්ඩ 11 වෙනි දිනය අදයි.

No comments

Ads Place