අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීම සම්බන්ධයෙන් පාසල් සිසුන් 06 දෙනෙකු අරණායක පොලීසිය විසින් අත්අඩංගුවට ග...
අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීම සම්බන්ධයෙන් පාසල් සිසුන් 06 දෙනෙකු අරණායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පාසල් සිසුන් 06 දෙනා එම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර ඔවුන් හෙටින් ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් බවද සදහන් කරයි.
ජලනල තොගය ගිනිගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලින් අනතුරුව එම පාසල් සිසුන් 06 දෙනා සිද්ධියට සම්බන්ධ බව හෙළිවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.
අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කළද ඊට දින දෙකකට පෙර එම ජලනල තොගය ගිනිගැනීමට ලක්ව තිබුණේය.
No comments