Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාරුවීම් අනුමත කරන්න ඔබට කිසිම බලයක් නෑ! මේක අනීතිකයි! නීතියට පටහැනියි! ස්ථාන මාරුවීමේ නියෝගය මම පිළිගන්නේ නෑ - ‌SDIG අජිත් රෝහණ

  මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ලබා දී ඇති අනීතික ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් නොමැති බව දැනුම් දෙමින් දකුණු පළාත බාර ජ්‍ය...

 


මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ලබා දී ඇති අනීතික ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් නොමැති බව දැනුම් දෙමින් දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශය බාර ලේකම්වරයා වන වියානි ගුණතිලක මහතා හට ලිපියක් යොමු කොට ඇත.

ඒ, ඊයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුකර ඇති බවට නිවේදනය නිකුත් වීමෙන් අනතුරුවය.

එහිදී අජිත් රෝහණ මහතා අවධාරණය කොට ඇත්තේ මාරුවීම් අනුමත කරන්න මහජන ආරක්ෂක අමාත්‍යංශය බාර ලේකම්වරයාට කිසිම බලයක් නොමැති බවත්, ආවරණ අනුමැතිය යනුවෙන් කිසිවක් නොමැති බවත්, මෙය අනීතික, නීතියට පටහැනි, බලය අතික්‍රමණය කළ එකක් බවත්ය.

එම නිසා මෙම ස්ථාන මාරුවීමේ නියෝගය තමන් පිළිගන්නේ නැති බවද අජිත් රෝහණ මහතා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.

ඊයේ දින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබේ.

එසේම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුර දක්වා මාරුකර තිබේ.

මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් පී මැදවත්ත මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සහ වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇත.

මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ් කේ ජයලත් මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත.

එසේම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර් එල් කොඩිතුවක්කු මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා සුභසාධක හා ක්‍ෂේත්‍ර බළකා සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිසහායක සේවා ලෙස මාරුකර ඇත.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ් කේ සිල්වා මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක හා ක්‍ෂේත්‍ර බළකා ලෙස මාරුකර තිබේ.

No comments

Ads Place