Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යළිත් බෝම්බ ප්‍රහාරයක තොරතුරු එළියට.. හදිසියේම මුස්ලිම් පල්ලි වලට දැඩි ආරක්ෂාවක් යොදවයි.!

  රටේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල වන්නේ යැයි ලැබුණු තොරතුරක් මත මහනුවර කොට්ඨාසයේ මුස්ලිම් දේවස්ථාන 203කට විශේෂ ආරක්ෂ...




 රටේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල වන්නේ යැයි ලැබුණු තොරතුරක් මත මහනුවර කොට්ඨාසයේ මුස්ලිම් දේවස්ථාන 203කට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.

අකුරණ පිහිටි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයකට රාමසාන් දින බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.

එනිසා බුර්කා පළඳින කාන්තාවන්ද විශේෂ සෝදිසියකට ලක් කරන කරන අතර හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය කර ඇති බවත් එම දේවස්ථාන මූලික කර ගනිමින් විශේෂ පරික්ෂා කිරීම්ද සිදු කරමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.

එම ලැබුණු තොරතුරු මත පෙරේදා දින රාත්‍රියේ සිට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව යොදමින් ආරක්ෂාව යොදවා ඇති බවද වාර්තා වේ.

එම අදාළ තොරතුර තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රදේශයේ පුළුල් මෙහෙයුම් දියත් කරමින් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව තවදුරටත් සදහන් කරයි.

No comments

Ads Place