Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝල්ෆේස් අරගලය සහ යුක්‍රේනයේ මයිදාන් අරගලය දෙකම එකක්, පිටුපස සිටින්නේ වික්ටෝරියා නූලන්ඩ් – විමල්

  යුක්රේනයේ ‘මයිදාන්’ අරගලය ආරම්භ කළෙත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, බ්ලොග්කරුවන් බවත්, එයට මුදල් පොම්පකළ ආකාරය පසුව අනාවරණය වූ බවත් මයිදාන් අ...

 


යුක්රේනයේ ‘මයිදාන්’ අරගලය ආරම්භ කළෙත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, බ්ලොග්කරුවන් බවත්, එයට මුදල් පොම්පකළ ආකාරය පසුව අනාවරණය වූ බවත් මයිදාන් අරගලය හේතුවෙන් යුක්රේනයේ හිටපු ජනාධිපතිවරයා පලා ගිය පසු යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා විය යුත්තේ කවුදැයි තීරණය කළේ වත්මන් ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මැතිනිය බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෙළිකරයි.

ඊට අදාළ දුරකථන සංවාද හඬ පටය එළියට ඇවිත් ඇති බවද, ලංකාව තුළ සිදුවූ අරගලය ද ඒහා සමාන වන බව හෙට(25) දිනයේ එළිදැක්වෙන “නවය ; සැඟවුණු කතාව” කෘතියේ සාක්ෂි සහිතව පෙන්වා දෙන බවද විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සහ එහි භාණ්ඩාගාරික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර යන මහත්වරු ද එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“පසුගිය දිනක අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මැතිතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. එමගින් කියැවුණේ, “එක්ස්ප්‍රස් පර්ල්” නැමැති නෞකාව විසින් සිදු කළ බරපතළ සමුද්‍ර දූෂණයට එරෙහිව වන්දි නඩුවක් නොපවරා සිටීමේ එකඟතාව ඇතිව කිසියම් පුද්ගලයකු ඩොලර් මිලියන 250කට අධික අල්ලසක් රැගෙන තිබෙන බවත් තමන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට එම මුදල තැන්පත් කළ ගිණුම් අංකය පවා පොලිස්පතිවරයාට ලබා දී තිබෙන බවත්.

‘කවුද මේ පගාව ගත්තේ?’

අපි දන්නවා,”එක්ස්ප්‍රස් පර්ල්” නැවෙහි ඇති වූ ගින්නෙන් අපේ රටේ සාගර ජීවීන්ට සහ සමුද්‍ර කලාපයට බරපතළ අගතියක් සිදු වූ බව. අගතියේ ප්‍රමාණය කොපමණද, කියා තක්සේරු කළ නොහැකි මට්ටමේ අගතියක් එහිදී සිදු වුණා. එවැනි සංවේදී විනාශයක් පිළිබඳ ප්‍රශ්නයකදී මේ රටේ දේශපාලනඥයකු හෝ නිලධාරියකු හෝ ඒ නැව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250ක අල්ලසක් අරගෙන එම ප්‍රශ්නය යටගැසීමට හදනවා නම්, ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු වන්දිය ලැබීම වැළැක්වීමට හදනවා නම් ඒ තරම් බරපතළ අපරාධයක් තවත් තිබෙනවා යැයි අපි විශ්වාස කරන්නේ නැහැ. අපි පළමුකොටම අධිකරණ අමාත්‍යවරයාට අභියෝග කරනවා, ‘වහෙන් ඔරෝ’ කියන්නේ නැතිව ‘කවුද මේ පගාව ගත්තේ?’ කියා කෙලින් රටට කියන ලෙස. ‘එළියේදී’ කියන්න බැරිනම්, අඩුම තරමින් හෙට අනිද්දා ඇරඹෙන පාර්ලිමේන්තු සතියේදී සභාගැබ තුළ ඒ අනාවරණය කරන්න. එවිට තමන්ට විරුද්ධව නඩු පැවරීමක් සිදු කරන්න බැහැ කියා අධිකරණ අමාත්‍යවරයා දන්නවානේ. පගාව ගත්තු කෙනාගේ නම හංගාගෙන, ‘පගාව ලැබුණු ගිණුමේ අංකයත් මම දන්නවා. ඒක මම පොලිස්පති දුන්නා.’ කිව්වාට වැඩක් නැහැ.

බරපතළ පරීක්ෂණයක් අවශ්‍යයි!

2021 මැයි 19 වැනිදා තමයි මේ නෞකාවේ ගින්න හටගෙන තිබෙන්නේ. 2023 මැයි 19 වැනිදාට පෙර මේ වන්දි ලබාගැනීමේ නඩුව අපි පැවරිය යුතුව තිබෙනවා. දැනට සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 50 වැනි වගන්තිය යටතේ මේ පිළිබඳව සැකකරුවන් 8 දෙනෙකුට විරුද්ධව මහාධිකරණයේ අපරාධමය නඩුවක් ගොනු කර තිබෙනවා. වන්දි ලබාගැනීමේ නඩුව නොපවරා සිටීමත් බරපතළ අපරාධයක්. මෙම වන්දි නඩුව නොපවරනවා නම් එසේ කරන්නේ මේ ලබාගෙන ඇතැයි කියන පගාවටත් වඩා වැඩි පගාවල් තව කවුරුන් හෝ රැගෙන ඇති නිසයි. මේ පිළිබඳව බරපතළ පරීක්ෂණයක් අවශ්‍යයි. අපි නැවතත් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා, මේ සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස. මෑත ඉතිහාසයේ මේ රටේ සිදු වූ බරපතලම පාරිසරික විනාශය මෙයයි. එවැනි තත්ත්වයක් මගහැර යෑමට කිසිසේත්ම ඉඩ දිය යුතු නැහැ. ඒ වගේම වන්දි ලබාගැනීමකින් තොරව මේ ප්‍රශ්නය යට ගැසීමට උත්සාහ කරනවා නම් ඊට එරෙහිව ගතයුතු හැම පියවරක්ම ගැනීමට පෙරට එන ලෙස අපි පොදු ජනතාවට ආයාචනය කරනවා.

ත්‍රස්තවාදියකුට නව පනතින් හොඳ රැකවරණයක්!

අපි ඊළඟට මාධ්‍යවේදී ඔබගේ අවධානය යොමු කරන්නේ, ආණ්ඩුව රැගෙන ඒමට සූදානම් වන ත්‍රස්ත විරෝධී පනත පිළිබඳවයි. අපි පිළිගන්නවා රටකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් වුවමනා බව. ත්‍රස්තවාදය කවර මොහොතක හෝ පැනනැගිය හැකි තත්ත්වයක්. අපට ඒ පිළිබඳව බොහෝ අත්දැකීම් තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමට සාමාන්‍ය නීතියෙන් බැහැ. ඊට අදාළව විශේෂ නීති පද්ධතියක උවමනාව තිබෙනවා. ලොව පුරා සෑම රටකම එවැනි නීති තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන ‘The USA Patriot Act’ ද එවැන්නක්. ඒ අනුව රටේ තොරතුරු පිට කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට හා අදාළ දඬුවම් ලබා දීමට පුළුවන්. නමුත් මේ ආණ්ඩුව රැගෙන එන නව ත්‍රස්ත විරෝධී පනත අනුව ත්‍රස්තවාදියකු අත්අඩංගුවට ගත් වහාම ඔහුගේ ළඟම ඥාතීන්ට දැනුම් දිය යුතුයි; මානව හිමිකම් කොමිසමට දැනුම් දිය යුතුයි; අධිකරණයට දැනුම් දිය යුතුයි. ඒ අනුව ත්‍රස්තවාදියකුට මෙම නව පනතින් හොඳ රැකවරණයක් ලබා දී තිබෙනවා. නමුත් මෙහි එක වගන්තියක් තිබෙනවා, මාධ්‍ය ආයතනයක් මගින් යමකු ත්‍රස්තවාදී ක්‍රියාවකට පොළඹවන ආකාරයේ ප්‍රවෘත්තියක් හෝ අදහසක් පළකළහොත් එම ප්‍රවෘත්තිය සකස් කළ කෙනාගේ දේපළ රාජසන්තක කිරීමට සහ ඔහු සිරගත කිරීමට ඉඩකඩ ලැබෙන. මෙම පනතේ ත්‍රස්තවාදය වැළැක්වීමට එහා ගිය එවැනි අදහස් පළ කිරීමේ අයිතිය කොල්ලකන ප්‍රතිපාදන වගේම, ජනාධිපතිවරයාට අතිශය විශාල බලයක් ලබා දෙන ප්‍රතිපාදන ද තිබෙනවා. ඒවා ඉවත් විය යුතුයි. සැබෑ ත්‍රස්තවාදියා රැක දෙමින්, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතනවල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැඳෙන තත්ත්වයකටයි අපි විරුද්ධ. ඒ නිසා එවැනි ප්‍රතිපාදන සහිතව ගෙන එන පනතකට අපි පාර්ලිමේන්තුව තුළ විරෝධය දක්වනවා.

“නවය ; සැඟවුණු කතාව”

ඊළඟ කාරණය තමයි, ඔබ දන්නවා මීට වසරකට පමණ පෙර අපේ රට බිහිසුණු අභියෝග රැසකට මුහුණ පා සිටි අවස්ථාවක අපේ රටේ කුප්‍රකට ‘ගාලුමුවදොර අරගලය’ කියා එකක් ඇති වුණු බව. ඒ තත්ත්වය තුළ අපේ රටේ ජනාධිපතිවරයකුට තම තනතුර අතහැර පලා යෑමට ද සිදුවුණා. මේ පිටුපස තිබෙන අභ්‍යන්තර කතා රැසක් මේ රටේ පොදු ජනතාව දන්නේ නැහැ. මේහා බැඳුණු පුද්ගලයන් කටයුතු කළ ආකාරය පිළිබඳව අපි සමීපව අධ්‍යයනය කළා. තොරතුරු සම්භාරයක් ලබා ගත්තා. ඒ තොරතුරු ඇතුළත් ‘නවය;සැඟවුණු කතාව’ නැමැති කෘතිය අපි අප්‍රේල් 25 වැනිදා සවස 3:00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදක්වනවා. මේ කෘතියෙන් අරගලයේ ‘එළියේ පෙනුණු දර්ශනවලට’ ඇතුළතින් ගියපු ‘ජවනිකා සහ කතා’ මොනවාද, කියා අපි ඔබට අනාවරණය කරනවා. අපි මේක සිදු කරන්නේ බොහෝම සද්භාවයෙන්; කාටවත් අගතියක් සිදු කිරීමේ අරමුණෙන් නොවෙයි. මේ සිදුවීම අපිට හරියට කියවාගන්න බැරි වුණොත් මීට වඩා ලොකු විනාශයකට අපේ රට ගොදුරු විය හැකියි.

මයිදාන් අරගලය සහ ගාලුමුවදොර අරගලය

අද යුක්රේනය ගොදුරු වී සිටින්නේ එවැනි විනාශයකටයි. ඔබ දන්නවා යුක්රේනයේ ‘මයිදාන්’ නම් අරගලයක් පැවතියා. එම අරගල භූමියේත් අපේ අරගල භූමියේ වගේම යුක්‍රේනයේ සමහර කලාකරුවන් ගිහින් සින්දු කීවා. ඒ මයිදාන් අරගලය පටන් ගත්තෙත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, බ්ලොග්කරුවන්. ඒ මයිදාන් අරගලයට මුදල් පොම්ප කළේ කොහොමද, කියා පසුව අනාවරණය වුණා. ඒ මයිදාන් අරගලය හේතුවෙන් යුක්රේනයේ හිටපු ජනාධිපතිවරයා පලා ගියාම යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා විය යුත්තේ කවුද, කියා තීරණය කළේ වත්මන් ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මැතිනියයි. ඊට අදාළ දුරකථන සංවාද හඬ පටය එළියට ඇවිත් තිබෙනවා. එමගින් එම කරුණ මැනවින් තහවුරු වී තිබෙනවා. ඒ වගේම අද යුක්රේනය, තම ඓතිහාසික මිතුරා වන රුසියාවට රැහැනිව යුරෝපා සංගමයේ, නේටෝවේ සාමාජිකයකු බවට පත්කර ගැනීමට දරන උත්සාහය තුළ භයානක යුද වාතාවරණයකට ගොදුරු වී සිටිනවා.

“ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දුන් ඩොලර්”

මේ තත්ත්වයට යුක්රේනය රැගෙන ගිය වික්ටෝරියා නූලන්ඩ් පසුව ප්‍රසිද්ධියේ පිළිගත්තා, ‘1991 සිට මයිදාන් අරගලය දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 5000ක් යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යෙදෙව්වා’ කියා. එම යෙදවූ මුදල්වල ප්‍රතිඵලයක් ලෙස අද යුක්රේනය නිමක් නොදකින බිහිසුණු යුද්ධයක ගොදුරක් බවට පත්ව තිබෙනවා. ඒ ලෝක අත්දැකීම්වලින් ඉගෙන ගන්නවා වගේම අපි අපට ලැබුණු ඉහත කී අත්දැකීම්වලිනුත් ඉගෙන ගත යුතුයි, කියා අපි විශ්වාස කරනවා. ඔබගේ ඒ ඉගෙනීමට අවශ්‍ය දායකත්වය තමයි අපි මේ කෘතියෙන් ඔබට ලබා දෙන්නේ. අපි සියලුදෙනාගෙන් ඉල්ලනවා, ‘මේ කෘතිය කියවන්න. සිදු වුණු දේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගන්න.’ කියා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

No comments

Ads Place