Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගම්මන්පිල ගිහින් මහින්ද එක්ක සාකච්ඡාවක් කරලා! කතා කරපු දේවල් මෙන්න! විමලුත් හරි වගේ!

  ඒ, මෙතෙක් කල් මහින්ද සමග සිට පසුගිය කාලයේ මහින්දගෙන් ඉවත් වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙපළ පොහොට්ටුවට එක් කරගැනීමේ මෙහෙයුමක් තිරය ...

 



ඒ, මෙතෙක් කල් මහින්ද සමග සිට පසුගිය කාලයේ මහින්දගෙන් ඉවත් වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙපළ පොහොට්ටුවට එක් කරගැනීමේ මෙහෙයුමක් තිරය පිටුපස දියත් වෙමින් ඇති බවය.


ඒ අනුව අපට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව එම මෙහෙයුම මේ වන විට සාර්ථක අවසානයක් කරා ළඟා වෙමින් පවතින ආකාරයක් දැකගත හැකිය.


ඒ අනුව පසුගිය සතියේදී මහින්ද හා උදය ගම්මන්පිල අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පසුබිම සකස් වී තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පනවා ඇති රටට අහිතකර කොන්දේසි, ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය සම්බන්ධයෙන් මෙහිදී මහින්ද හා උදය අතර දීර්ඝව කරුණු සාකච්ඡා වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

ඒ අනුව එම සාකච්ඡාව අවසන් වී ඇත්තේ ගම්මන්පිලගෙන් ලැබුණු සුබවාදී ප්‍රතිචාර මධ්‍යයේය.

මීට අමතරව මහින්ද හා විමල් අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට තිරය පිටුපස සකස්වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ.

අතරමැදි පාර්ශ්වයක් හරහා සිදුකෙරෙන ඊට අදාළ පණිවුඩ හුවමාරුවලදී විමල්ගේ පැත්තෙන් ඊට සාධනීය ප්‍රතිචාර ලැබී ඇති බවත්, බොහෝ දුරට ඉදිරි දින කිහිපය ඇතුළත විමල් හා මහින්ද අතරද සාකච්ඡාවක් සංවිධාන වනු ඇති බවත් දැනගන්නට ඇත.

No comments

Ads Place