Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ රිලවුන්ගේ ගමන ඉක්මන් වෙයි.!

  ලංකාවේ රිලවුන් ඉල්ලූ චීන සමාගම චීන තානාපති කාර්යාලය ඇතුළු සියලු පාර්ශව වලින් චීනයට ගෙනයාමට අනුමැතිය ලබාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන...

 


ලංකාවේ රිලවුන් ඉල්ලූ චීන සමාගම චීන තානාපති කාර්යාලය ඇතුළු සියලු පාර්ශව වලින් චීනයට ගෙනයාමට අනුමැතිය ලබාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.

චීනයේ සත්වෝද්‍යාන සඳහා රිලවුන් ගෙන යාමට චීනය පාර්ශවයෙන් ලබාගත් අනුමැතිය සහිත ලේඛන සියල්ල අදාල සමාගම විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාරදී ඇති බවද වාර්තා වේ.

පළමුව රිලවුන් 500ක් ලබාදෙන්නැයි චීන සමාගම ඉල්ලා තිබූ බවත් චීන පාර්ශවයේ අනුමැතිය ලැබීමෙන් පසු ලංකාවෙන් රිලවුන් 1500ක් ලබා දෙන ලෙස අදාල සමාගම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

රිලවුන් ගෙන යාම සම්බන්ධයෙන් චීන සමාගමකින් ලැබුණු ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු කැබිනට් අනුකමිටුවේ නිර්දේශ මත රිලවුන් ලක්ෂයක් චීනයට ලබාදීමට නියමිතය.

No comments

Ads Place