Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජිත සජබයෙන් පන්නයි! සජිත් දැඩි තීන්දුවක් ගනී!

  සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි තීන...

 


සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.

අවස්ථා කිහිපයකදීම රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය ඇමැතිකම ලබාගෙන ආණ්ඩුවට එක්වන බවට අදහස් පළකොට තිබුණද පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම මීට ආසන්නතම හේතුව වී ඇති බව දැනගන්නට ඇත.

මීට අමතරව රාජිත සේනාරත්න මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරාම සජබ මන්ත්‍රීවරුන්ගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පැමිණිලි ලැබී තිබීමද මේ සඳහා හේතු වී ඇති බව පැවසේ.

එහිදී මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට පැමිණිලි කොට ඇත්තේ රාජිත සේනාරත්න මහතා විවිධ අවස්ථාවලදී තමන්ටද ආණ්ඩුවට එක්වීම සඳහා ආරාධනා කිරීමට පියවර ගෙන තිබූ බවකි.

එම නිසා වහාම රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගතයුතු බව අවස්ථා ගණනාවකදීම මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී තිබිණි.

මීට අමතරව ඉකුත් කාලසීමාවේදී විපක්ෂ නායකවරයා ආසන මට්ටමින් රැස්වීම් පවත්වද්දී මුණගැසී ඇති බොහොමයක් ආසන සංවිධායකවරුන් රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතාට පැමිණිලි කිරීමටද පියවර ගෙන තිබිණි. එමෙන්ම රට පුරා සිටින ආසන සංවිධායකවරුන් විපක්ෂ නායකවරයාට කතා කොට වහාම රාජිත සේනාරත්න මහතා පක්ෂයෙන් ඉවත් කළයුතු බවටත්, ඔහුට ආණ්ඩුව සමග එක්වී ඇමැති ධුරයක් ලබාගැනීමට අවස්ථාව දිය යුතු බවටත්, සේනාරත්න මහතා තවදුරටත් පක්ෂය තුළ සිටීම පක්ෂයට හානියක් බවටත් පෙන්වා දීමට කටයුතු කොට තිබේ.

ඒ අනුව විපක්ෂ නායකවරයා රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීමට තීන්දු කොට ඇති බව දනගන්නට ඇත.

No comments

Ads Place