Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති රනිල් නිතරගයෙන් පත් කර තවත් ධුර කාලයක් ලබාදිය යුතුයි.!

  තවත් ධුර කාලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහා රටේ ජනතාව විසින් නිතරගයෙන් පත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී...

 


තවත් ධුර කාලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහා රටේ ජනතාව විසින් නිතරගයෙන් පත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි.

ආර්ථිකය නගා සිටුවීමට හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ඔසවා තැබීමට ජනාධිපතිවරයාගේ ක‍්‍රියා කලාපය සෙසු ප්‍රතිවාදී අපේක්ෂකයන්ට සිතාගැනීමටවත් නොහැකි බවද මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි.

මන්ත්‍රී වජිර අබේවර්ධන තවදුරටත් සදහන් කළේ,

“වත්මන් ජනාධිපතිවරයා භාරගත්තේ ඉන්ධන, ගෑස් පෝලිම්, අහාර හිගය, පෙළපාලි විරෝධතා සමඟ මහජන නොසන්සුන්තාවයෙන් ඇති වූ තිබූ රටක්. පෙට්‍රල්, ගෑස් ගන්න පෝලිම්වල මිනිස්සු රණ්ඩු වුණා. 

ගොවීන් සිය විරෝධතාවයේ නිරත වුනා. නමුත් එතුමා බලයට පත්වෙලා කෙටි කාලයක් ඇතුළත සාමාන්‍ය තත්ත්වය ඇති කළා. ඒ නිසා ජනතාව එතුමාව මීළඟ වාරය සඳහා නිතරගයෙන් පත් කර ගත යුතු බව මගේ අදහසයි.

නමුත් ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි. ඔහු ජනාධිපතිවරණයේ සිටිනවා නම් ජනතාව ඔහුව ජාතික සම්පතක් ලෙස තෝරා පත් කර ගත යුතුයි.”

No comments

Ads Place