Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති ධුර ගන්න මන්ත්‍රීවරුන් පොරකයි.. යෝජනා වු මන්ත්‍රීවරුන් මෙන්න.!

  ශ්‍රී ලංකාවේ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය තිස් දෙනකුගෙන් සමන්විත වේ. ඉන් විසි දෙනෙක් දැනටමත් පත් කර අවසන්ය. ...




 ශ්‍රී ලංකාවේ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය තිස් දෙනකුගෙන් සමන්විත වේ. ඉන් විසි දෙනෙක් දැනටමත් පත් කර අවසන්ය.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී, අලුතින් අමාත්‍යවරුන් දස දෙනෙකු පත් කිරීමට අවස්ථාව හිමිවන අතර එම අමාත්‍ය ධුර දහය සඳහා දැඩි දේශපාලන තරගයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

නව අමාත්‍ය ධුරයන් සදහා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් අට දෙනෙක් යෝජනා වී ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, විමලවීර දිසානායක, සී බී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු තවත් තුන් දෙනෙක් ඒ අතර වේ.

විපක්ෂයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ආණ්ඩුවට එක් වී අමාත්‍ය ධුර අපේක්ෂාවෙන් සිටියි.

No comments

Ads Place