Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති වෙන්න මම සුදානම්.. කාටත් නැති සුදුසුකම් මට තියනවා.!

  රටේ අනෙක් අයට නොමැති සුදුසුකම් රැසක් තමන්ට ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් ලැබුණොත් ඒ ගැන සලකා බලන බවද ප...


 රටේ අනෙක් අයට නොමැති සුදුසුකම් රැසක් තමන්ට ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් ලැබුණොත් ඒ ගැන සලකා බලන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සදහන් කරයි.

පිය උරුමයෙන් හෝ තවත් දේශපාලනඥයකුගේ පිහිටෙන් දේශපාලනයට පැමිණි අයෙක් නොවන බවත් අමාත්‍යවරයෙකු ලෙස තමනට පැවරුණු වගකීම වංචාවෙන්, දූෂණයෙන් තොරව ඉටුකර ඇති බව රටම දන්නා බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

රටේ දක්ෂ හමුදා නිලධාරීන්ට, සුපිරි ක්‍රීඩකයන්ට, පරම්පරා උරුමයට හිමිකම් කියන පුද්ගලයන්ට, සාම්ප්‍රදායික පක්ෂ නායකයන්ට මින් පසු ජනපති අපේක්ෂකත්වය නොදිය යුතු බවද මන්ත්‍රී පාඨලී චම්පික රණවක සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පළ කරයි.

No comments

Ads Place