ඊයේ (22) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීමේ තීරණ සම්බන්ධයෙන් එම පක්ෂ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් පළ කළේය...
ඊයේ (22) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීමේ තීරණ සම්බන්ධයෙන් එම පක්ෂ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් පළ කළේය.
එම මහ සභා රැස්වීමේදී නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කළ අතර සෙසු නිලයන් සඳහා පෙර කටයුතු කළ තැනැත්තන්ම පත් කරගෙන තිබුණි.
මන්ත්‍රී ජී.එල්.පීරිස් පවසන පරිදි නව සභාපතිවරයෙක් පත්කර ගැනීමට නීතිමය හැකියාවක් නොමැති බව මහින්ද රාජපක්ෂගෙන් විමසු විට ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු “එයැයි පිස්සෙක්නේ” ලෙස ප්‍රකාශ කරයි.
තවදුරටත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සදහන් කළේ, ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි.
No comments