Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කලං: “සිංහල සිනමාවේ දඟකාර පෙම්වතා” නික්ම යයි

  ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද (අප්‍රේල් 1) උදෑසන අභාවප්ප්‍රාප්ත වී තිබේ. අප කළ විමසීමකදී ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් ...


 ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද (අප්‍රේල් 1) උදෑසන අභාවප්ප්‍රාප්ත වී තිබේ.

අප කළ විමසීමකදී ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් ඒ බව තහවුරු කළේ ය.

ඔහු සඳහන් කළේ, මීට දින තුනකට ඉහතදී කලංසූරිය මහතා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට නිවෙස බලා පැමිණ තිබුණු බව ය.

අමරසිරි කලංසූරිය 1940 වසරේ සැප්තැම්බර් 20 වන දා උපත ලැබූ අතර මිය යන විට ඔහු 83 වන වියේ පසු විය.

ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ අතර මහනුවර කන්‍යාරාමයේ ත්, කිරිබත්කුඹුරේ ශ්‍රී රතනජෝති විද්‍යාලයේත්, මහනුවර සාන්ත ක්‍රිස්ටෝෆර් විද්‍යාලයේ ත් වරින් වර අධ්‍යාපනය ලබා ඇත.

රංජිත් පෙරේරා 1966 වසරේ ප්‍රථම වරට අධ්‍යක්ෂණය කළ ‘රැයත් දවාලත්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඔහු පණ පෙවීය.

ඔහු “සිංහල සිනමාවේ දඟකාර පෙම්වතා” යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ මතකයේ රැඳුණු රංගන ශිල්පියෙකු වූ ඔහු 1969 වසරේ හන්තානෙ කතාව, 1974 වසරේ අහස් ගව්ව, 1978 වසරේ බඹරු ඇවිත්, 1982 වසරේ යස ඉසුරු, 1986 වසරේ පූජා, 1994 වසරේ අහස් මාලිගා ආදී චිත්‍රපට හරහා ජනාදරයට පත් විය.

No comments

Ads Place