Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොමිසමට ලියපු ලියුමෙන් පස්සේ අජිත් රෝහණව දකුණෙන් නැගෙනහිරට දැමීම අත්හිටුවයි! වහාම කොළඹට කැඳවයි!

  ආන්දෝලනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්හත් දෙනාගේ ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිසම අනුමත කර ඇති බව වාර්තා වෙනවා. ඒ අතරින් නැගෙනහ...

 


ආන්දෝලනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්හත් දෙනාගේ ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිසම අනුමත කර ඇති බව වාර්තා වෙනවා. ඒ අතරින් නැගෙනහිර පළාත වෙත මාරුකර සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹ පොලිස් මූලස්ථානය වෙත තාවකාලිකව කැඳවීමට නිර්දේශ කර ඇති බවයි කියන්නේ.

පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් කළ අනුමැතියට අදාළව වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනා ස්ථාන මාරු කිරීමට පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න ඊයේ (25) කටයුතු කර තිබුණා.

තමන් දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකිරීම අනීතික බව ද ඉන් බල අතික්‍රමණයක් සිදුවී ඇති බව ද දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් අමාත්‍යංශ ලේකම්වරයාට හා ජාතික පොලිස් කොමිසමට ඊයේ දිනයේම ලිපියක් යොමුකළා.

ඒ පිළිබඳව අවධානය යොමුකර ඇති ජාතික පොලිස් කොමිසම විසින් අජිත් රෝහණ මහතාගේ ලිපියෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් කර තීන්දුවක් ලබාදෙන තුරු ඔහුව කොළඹ පොලිස් මුලස්ථානයට මාරුකර යැවීමට නිර්දේශකර තිබෙනවා. ඒ සමඟ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් වලට අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් නැගෙනහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය මේවනවිට පුරප්පාඩු වී පවතිනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සංඛ්‍යාව 07 කි. එල්.එස්. පතිනායක, ප්‍රියන්ත වීරසූරිය, එස්.සී මැදවත්ත, ඩබ්ලිව්.කේ ජයලත්, රන්මල් කොඩිතුවක්කු, අජිත් රෝහණ සහ එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්. එහිදී ස්ථාන මාරුවීම ලැබූ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එල්.ඒ.එස්. ප්‍රියන්ත වීරසූරිය විසින්ද තම ස්ථාන මාරුව පිළිබඳව විරෝධය දක්වා තිබුණත් කොමිසම විසින් මේ දක්වා ඒ පිළිබඳව අවධානය යොමු කළ බවක් දක්නට නැහැ.

No comments

Ads Place