Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිර පළාත ආශ්‍රිතව භූ කම්පන අවදානමක්.!

  භූ කම්පන ඇතිවීමේ ප්‍රවණතාවක් බස්නාහිර පළාත් ප්‍රදේශ ආශ්‍රිතව දක්නට ලැබෙන බවත් ඒ ගැන සැලිකිලිමත් විය යුතු බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ...

 


භූ කම්පන ඇතිවීමේ ප්‍රවණතාවක් බස්නාහිර පළාත් ප්‍රදේශ ආශ්‍රිතව දක්නට ලැබෙන බවත් ඒ ගැන සැලිකිලිමත් විය යුතු බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න (03) මහනුවරදී සදහන් කරයි.

ඉන්දියානු මුහුදු අභ්‍යන්තරයේ අසාමාන්‍ය ලක්ෂණ රැසක් දක්නට ලැබෙන බවත් අභ්‍යන්තර මුහුදු භූමි තලයේ අසාමාන්‍ය ලක්ෂණ සහිත රේඛාවක් බස්නාහිර පළාත හරහා ගමන් කරන බවද භූගර්භ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සදහන් කරයි.

පසුගිය 1615 වසරේ සිට මේ දක්වා කොළඹ හා බස්නාහිර ප්‍රදේශය ආශ්‍රිතව විශාල භූ කම්පන ප්‍රමාණයක් සිදුව ඇති බවත් ඉදිරියේදිත් බස්නාහිර පළාත් ආශ්‍රිතව යම්කිසි භූ කම්පන ප්‍රමාණයක් ඇති විය හැකි බවද හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සදහන් කරයි.               

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වු මහාචාර්ය අතුල සේනාරත්න සදහන් කළේ,

“භූවිද්‍යාත්මක ඉතිහාසය අනුව අවුරුදු මිලියන 200 කට පමණ ඉහතදී ශ්‍රී ලංකාව, අප්‍රිකාව, මැඩගස්කරය, ඇන්ටාටිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව එකම භූමියක් ලෙසින් තමයි පිහිටා තිබී තිබෙන්නේ. වසර ගණනාවක් තිස්සේ සංක්‍රමණය වෙලා තමයි ලංකාව දැන් මේ තියන ආකාරයෙන් ස්ථාපිත වෙන්නේ.

අවසානයට ලංකාව හා ඉන්දියාව එකට හා වුණු ගොඩබිමක් වශයෙන් පැවතිලා තිබෙනවා. ඉන් කාලෙකට පස්සේ තමයි ලංකාවයි ඉන්දියාවයි වෙන් වෙන්නේ. මේ වෙන් වීම් සමඟ ලංකාව හා ඉන්දියානු මුහුදු අභ්‍යන්තරයේ අසාමාන්‍ය ලක්ෂණ රැසක් දක්නට ලැබෙනවා.

මේ අභ්‍යන්තර මුහුදු භූමි තලයේ අසාමාන්‍ය ලක්ෂණ සහිත රේඛාව විශේෂයෙන් බස්නාහිර පළාත හරහා කොළඹ දක්වා ගමන් කරන ආකාරය පැහැදිලිව දැකගන්න පුළුවන්. බස්නාහිර පලාත ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයන් ඇති වෙන්නේ මේ මුහුදේ ඇති අසාමාන්‍ය තත්වය හේතුවෙන් බව අපිට හිතන්න පුළුවන්.                         

ඉදිරියේදිත් බස්නාහිර පළාත් ආශ්‍රිතව යම්කිසි භූ කම්පන ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. ඉතා අධික ජනගහණයක් ඇති ඒ පළාතේ තරමක් හෝ ප්‍රබල භූ කම්පනයක් ඇති වුවහොත් විශාල විනාශයක් වෙන්නත් පුළුවන්.

නමුත් එහෙම වෙයි කියලා අපිට ස්ථිරවම කියන්න බෑ.කළ යුත්තේ මේ අදාළ ප්‍රදේශවල භූ කම්පන මාන හා අදාල නවීන උපකරණ ස්ථාපිත කොට සුපරීක්ෂාකාරීව සිටීමයි. එසේ සිට අදාල දත්ත රැස් කිරීම අනිවාර්යෙන්ම කලයුතු වෙනවා.”

No comments

Ads Place