Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවේ දෙමළ නිජබිමක් ඕනද එපාද.! අමෙරිකාවේ ජනමත විචාරණයක්..

  ඇමරිකාවේ දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ දෙමළ නිජබිමක් අවශ්‍යද නැද්ද යන්න සම්බන්ධයෙන් විමසමින් ජනමත විචාරණයක් පැවැත්වීමට ...

 


ඇමරිකාවේ දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ දෙමළ නිජබිමක් අවශ්‍යද නැද්ද යන්න සම්බන්ධයෙන් විමසමින් ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කරයි.

ශ්‍රී ලංකාවේ පවතින ජනවාර්ගික ගැටලුව ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමේ තවත් එක් පියවරක් වශයෙන් මෙම සැලසුම ඉදිරිපත් කරන බවද අන්තර්ජාතික දෙමළ ඊළාම් රජයේ ප්‍රධානී විශ්වනාදන් රුද්‍රකුමාරන් සදහන් කරයි.

⁣එම ජනමත විචාරණය පැවැත්වීම වෙනුවෙන් කමිටුවක්ද පිහිටුවා ඇතැයි අන්තර්ජාතික දෙමළ ඊළාම් රජයේ ප්‍රධානී විශ්වනාදන් රුද්‍රකුමාරන් ජාත්‍යන්තර මාධ්‍යට සදහන් කර ඇත.

මෙය ජාත්‍යන්තර ජනමත විචාරණයක් ලෙස හඳුන්වා එළඹෙන මැයි මස 08 වනදා පැවැත්වීමට නියමිත අතර තම මතය ප්‍රකාශ කරන්නැයි ඇමෙරිකාවේ ජීවත්වන සියළු දෙමළ ඩයස්පෝරා ජනතාවට ආරාධනා කරන බවද සදහන් කරයි.

No comments

Ads Place